Colombo Today Local Newsextremism & terrorism activities

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්රි ගේ සහෝදරයා වන තෙල් සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් විසින් කොලොන්නාව ප්‍රධාන තෙල් ගබඩාව සහ බෙදාහැරීමේ අංගනය තුල මුස්ලිම් පල්ලියක් සෑදීමට නියෝග කර තිබෙනවා.

මේ පිළිබඳව තෙල් සංස්ථා සේවකයින් පිරිසක් විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දැන්වීමෙන් පසුව අද (30) උදෑසන උන්වහන්සේ කොලොන්නාව තෙල් ගබඩා පරිශ්‍රයට එහි සභාපතිවරයා මුණගැසීම සඳහා වැඩම කර ඇත. කෙසේ වෙතත් සභාපතිවරයා ඥානසාර හිමි මුණගැසීමට පැමිණ නැති අතර එහි සිටි ජේෂ්ඨ නිලධාරීන් උන්වහන්සේ හමුවී ඇත.

සියලුම ආගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතියට ගරුකළ යුතු බවත් මෙතෙක් දවසක් තෙල් සංස්ථාවේ මුස්ලිම් සේවකයින් දෙවියන් වැඳපු ආකාරයටම එය සිදුකරගන්නා ලෙසත් විශේෂයෙන්ම තෙල් සංස්ථාව වැනි අධි සංවේදී ස්ථානයක අලුතින් පල්ලි සාදා ගැනීම අනවශ්‍ය බවත් ඥානසාර හිමි පෙන්වා දී ඇත.

මේ පිළිබඳව Colombo Today බොදු බල සේනා සංවිධානයෙන් විමසීමක් සිදුකල අතර එහිදී මෙම සිද්ධිය තහවුරු කරන ලදි.

Related posts

සුමංගල හිමියෝ දෙවන දිනටත් උපවාසයේ….

colombotoday

“විජේදාස ඉවත් කළෙත්, රවීට ලොතරැයි මණ්ඩලය දුන්නෙත් එජාපය හා නායක රනිල් කියූ නිසයි” – ජනපති

colombotoday

උපදේශන සමාගමකට කෝටි කෝටි 88ක් දෙන්න නිමල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

colombotoday