Colombo Today Local Newsextremism & terrorism activities

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් අල්ලාහ්ගේ නාමයෙන් තවුහිඩ් ජමාත් ඉල්ලයි

කොරෝනා වෛරස හේතුවෙන් මරණයට පත් වන මුස්ලිම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් භූමදාන කිරීමට CTJ ස්වේච්ඡා සේවකයන් සූදානම් බව එම සංවිධානය සමාජ මාධ්‍ය වෙත පොස්ටුවක් එක් කර තිබෙනවා.

මහා කාරුණික අල්ලාහ්ගේ නාමයෙන් රජය මේ සඳහා අවසර දෙනවානම් භූමිදානය කිරීමෙන් පසු තමන් ස්වයං නිරෝධායනයට ලක්වීමට වුවද සුදානම් බව එම සංවිධානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු වෛරස ව්‍යාප්ති අවදානම හේතුවෙන් ජාති ආගම් බේදයකින් තොරව ආදාහනය කිරීමට විශේෂඥයන්ගේ උපදෙස් මත රජය කටයුතු කරන අතර ඒ සඳහා මීට ඉහතදී ගැසට් පත්‍රයක් ද නිකුත් කරන ලදි.

කෙසේ වෙතත් මෙම තීන්දුවට මුස්ලිම් සමාජය අභියෝග කරමින් තම ජාතියට විශේෂයක් කර වෛරසය හේතුවෙන් මියයන ඉස්ලාම් භක්තිකයන් ආදාහනය නොකොට භූමිදානය කිරීමට අවසර ලබා දෙන ලෙස දිගින් දිගටම බලපෑම් කරමින් සිටිනවා.

Related posts

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday