Colombo Today Local News

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

“ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !” යැයි ප්‍රශ්න කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ…

“ලංකා දුම්කොළ සමාගමේ ඉහළ නිළධාරියෙකු ලබා දුන් ලිපියක් උපයෝගී කරගනිමින් හැටන් නගරයේ දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක් විවෘතකොට දුම්වැටි අලෙවි කල එම නියෝජිත ආයතනය වසා දැමීමට හැටන් පොලීසිය කටයුතු කල බව පසුගියදා හැටන් නගරයෙන් වාර්තා විය.”

“කිසියම් සේවාවක් අත්‍යාවශ්‍ය සේවාවක් බවට හදුනාගෙන ඒ සදහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රදේශීය ලේකම්වරයා විසින් සිදු කරද්දී ලංකා දුම්කොළ සමාගම විසින් අත්‍යාවශ්‍යසේවා බලපත්‍ර නිකුත් කරන්නේ කෙසේද? යන්න පිළිබදව අප ප්‍රශ්ණ කරන අතර අදාල සමාගමට විරුද්ධව පොලීසිය ගත් ක්‍රියාමාර්ග පිළිබදවද අප විමසිල්ලෙන් සිටින බව බළධාරින්ට මතක් කරමු.”

“මේ රටේ අහිංසක මිනිසුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කර මහාපරිමාණ සමාගම් සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීම අප සංවිධානය තරයේ හෙළාදකින අතර නීතිය සමානව ක්‍රියාත්මක කරන ලෙස අප ශ්‍රී ලංකා පොලීසියෙන් හා සියලුම රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.”

Related posts

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday