Colombo Today Local News

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් වසර 4ක සිරදඬුවම් හිමිවූ රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ෆේස්බුක් සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන….

මා හිතවත් රන්ජන්,
ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.
ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.
මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.
කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.
කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.
අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.
“වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”
මීට,
හිතවත්,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

මා හිතවත් රන්ජන්, ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය…

Posted by Chandrika Bandaranaike Kumaratunga on Thursday, 14 January 2021

Related posts

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

වැසි නැති දවසක්

colombotoday

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

කෝටි 6ක හෙරොයින් සමඟ පකිස්ථානුවා දැලේ

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday