Colombo Today Local NewsfeaturedUncategorized

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

සංඝානුභාවේන
සංගායනාවට කාලයයි
ජාතියේ චීවර පූජාව
ශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය
2020 පෙබරවාරි මස 22 වැනි ශනි දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ.

මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස වසර දහස් ගණනක් තිස්සේ අපේ වීරෝධාර රණවිරුවන් තම ප්‍රාණය පූජා කළේ ස්ව අභිමානය සහ මතු පරපුර කෙරෙහි අපරිමිත ආදර දයාවෙනි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථරිතිය පිණිසත් අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අදාළ අපේ දූ පුතුන්ගේ නිවන උදෙසා ඔවූහු තම නිවන පරිත්‍යාග කළෝය. එය බෝධිසත්වයෙකු විසින් තම ජනයා සුරැකීම පිණිස සිදු කරන අපරිමිත පරිත්‍යාගයකි. පාරමිතාවකි.

රටට, දැයට, සමයට විපත් පැමිණෙන හැම විටෙකම අපේ පෙර රජ දරුවන් භික්ෂූන් වහන්සේලා සාමග්‍රියෙහි පිහිටුවා, ඒ ශක්තිමත් ආධ්‍යාත්මික පදනම මත සිට දැයත් සසුනත් ඉහළට ඔසවා තැබීය.
ඒ පූර්වාදර්ශය අනුව යමින් අප යුගයේ අසිරිමත්ම පින්කම ලෙස සැට දහසක් සිවුරු පූජාකොට, ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ උප නූපන් දරු පරපුර වෙනුවෙන් යුතුකම් මෙහෙවර සම්පූර්ණ කිරිමට මේ මහා පින්කම සංවිධානය කෙරේ.

මහ සිලු මහතිස් නිරිදා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම සිතනු සොදා

තරුණ තරුණයන් 60000 ක් සහභාගිවේ. එක් අයෙකුට එක් සිවුරක්.

  • තිස් වසක් අප භීතියට පත්කළ ම්ලෙච්ඡ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරදවා සෑම ජන කොටසකටම නිදහස සාමය උදාකරමින් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින්දීම.
  • රටේ නිදහස, අභිමානය පිණිස දිවි දී රට ආරක්ෂා කළ, වැව් අමුණු කරවූ දේශය ශිෂ්ඨාචාරවත් කළ, මහ දාගැබ් තනවා ජාතියේ අභිමානය රැන්දූ පෙර රජවරු සහ ඇමතිවරු, රණශූර මී මුතුන්ට පින් දීමත්.
  • වසර 498 ක කාලය තුළ ජාතික විමුක්ති අරගලයට පණ පොවා එහිදී මියගිය සැමට පින් දීමත්.
  • වසර 70 ක කාලය තුළ අභ්‍යන්තර කැරලි කෝලාහල නිසා ජීවිත අහිමිවූ සිංහල, දමිළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමටත්, ස්වභාවික විපත් හා හදිසි අනතුරුවලින් මියගිය සැමට පින් දීමත්.
  • ස්වභාවික විපත්, සතුරු පීඩා, සතුරු ආක්‍රමණ නිසා කිසිදු විපත්තියක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කිරීමත්.
  • දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම උදෙසා ජාති භේද රහිතව සියලු ජන කොටස් මතවාදීව පෙළ ගස්වමින් සිංහල භික්ෂු වංශය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ “සංගායනාවට කාලයයි” නමින් ඉදිරිපත් කිරීම.

මෙම උතුම් පුජාව සඳහා චීවරයක් බාර ගැනීමේ අවස්ථාව ඔබටත්…
වැඩිවිස්තර සඳහා බොදු බල සේනා සංවිධානය අමතන්න 071 408 8660 , 0773 2222 60, 076 688 0030, 0112 866 090


Related posts

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

ද්වේශසහගත සහ නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන්න. – යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී

colombotoday

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday