Colombo Today Local News

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (02) සඳහන් කළේය.

සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික මහජනාතවගේ තත්ත්වය තමන් සහ තම කාර්යාලය හොඳින් තේරුම් ගෙන ඇති බවත් ඒ අයුරින්ම ශ්‍රී ලාංකිකයන් ද චීනයේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.

චීනයේ වගකීම් සහගත බව චීන රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් හොඳින් පෙනී යන බවත් ශ්‍රී ලාංකිකයන් එය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු කීය.

චීන තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය.

අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.

පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන්  බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.

වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ බොහෝමයක් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද අපි අපේ ජාතිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අනෙක් පළාත්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද අපි දැනටමත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.

වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා බලධාරීන් ද අදාළ පියවර සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව අප සිහිපත් කරනවා.

ඒ වගේම ශ්‍රී ලාංකාවේ මහජනතාව රජයේ උපදෙස් පිළිපදිමින් සමාජ සම්මතය ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.

Related posts

වයඹ සභාපති “කාලකණ්ණි මාධ්‍යවේදීන්“ කියා මාධ්‍යවේදීන් සභාවෙන් එලවා දමයි!

colombotoday

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday