Colombo Today Local News

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිටම එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 05 රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (26) අළුයම 12.05ට කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟා වූ අතර, මෙරට චීන තානාපති චී ජෙන් හොන් මහතා (Qi Zhen Hon) විසින් සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එන්නත් තොගය නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීන රජය සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දෙවන එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීම සිදු විය. රජය ඇණවුම් කර ඇති තවත් එන්නත් මාත්‍රා මිලියන 02ක් මසක් ඇතුළත ලබාදීමටත්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම්කර ඇතැයි චීන තානාපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව පැවසීය.

එන්නත් බාරගැනීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන චන්න ජයසුමන, ඩී.වී චානක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

Related posts

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

එජාප ඇමතිලා අරලියගහ මන්දිරයට කැදවයි… පනින අයගේ දුරකථන නෝ ආන්සර්….

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

“මාව බේරා නොගතහොත් සියළු රහස් හෙළිකරනවා” – ඇලෝසියස් එජාප ප්‍රධානීන්ට තර්ජනය කරයි

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday