Colombo Today Local NewsHot News

රටට වින කළ CIC පොහොර මගඩිය උපායකින් අල්ලාගත්හැටි ඇමති දුමින්ද හෙළි කරයි.

දහස් ගණනකට මරු කැදවමින් වකුගඩු රෝගයට හේතු කාරක වූ රටේ පස පොළව විෂ කළ දැවන්ත බහුජාතික හොර මගඩියක සුල මුළ හෙළි කරගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට සමත්ව තිබෙනවා. ඒ පිළිබදව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා Colombotoday සමග මෙසේ පැවසූවා.

වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව ලෙසින් හදුනාගෙන ඇති කෘෂි රසායන පොහොරවල ඇති (කැඩ්මියම්) බැර ලෝහ සාන්ද්‍රනය පාලනය කිරීමට පියවර ගැනුණු අතර එය පොහොර කිලෝග්‍රෑම් 1කට කැඩ්මියම් මිලි ග්‍රෑම් 5ක ප්‍රමාණයක් පමණක් තිබියු යුතු බවට රජය විසින් නිර්දේශ කර තිබෙනවා. නමුත් CIC සමාගම විසින් ආනයනය කරන ලද මෙට්රික් ටොන් 625 ක පොහොර තොගයක් අදාල ප්‍රමිතියෙන් තොර කැඩ්මියම් අධි මාත්‍රාවකින් යතු ඒවා බවට අනාවරණය වීමත් සමග පෑලියගොඩ පිහිටි එම සමාගමේ පොහොර ගබඩාවට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමෙන් මුද්‍රා තැබීමත් සමග මෙතෙක් කල් රටට වින කළ දහස් ගණනක් අහිංසක ගොවි ජනතාවගේ ජීවිත විනාශ කරදැමූ රසායනික පොහොර මාරයා කවුදැයි හෙළි වුණා.

රජය විසින් නිර්දේශිත ප්‍රමිතිය අනුව පොහොර කිලෝ ග්‍රෑම් 1ක අඩංගු විය යුත්තේ කැඩ්මියම් මිලි ග්‍රෑම්5 ක් වුවද අදාල CIC පොහොර තොගයේ කැඩ්මියම් සාන්ද්‍රනය කිලෝ ග්රෑම් 1කට මිලි ග්‍රෑම් 23.5 ක් වැනි අධික අගයක් අංඩගු වී ඇති බවයි පරීක්ෂණ වලදී හෙළී වී ඇත්තේ. මෙතෙක් කලක් රජයේ ප්‍රමිතීන්ට පිටුපාමින් මහා පරිමාණයෙන් කරගෙන ආ මෙම ජවාරම කොටු කර ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අපූරු උපක්‍රමයක්ද යොදාගෙන තිබුණා.

ආනායනය කරන පොහොර සාම්පල වෙළදපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම සදහා ප්‍රමිති ආයතනයකට යැවෙන අතර එම සාම්පල මෙතෙක් කල් ඉදිරිපත් කරනු ලැබුවේ එම පොහොර ගෙන්වන සමාගමේ නමද සමගයි. නමුත් මෙවර එම සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කළ අමාත්‍යාංශය අදාල CIC සමාගමේ පොහොර සාම්පලය සමාගමේ නමින් නොයවා විශේෂ කේත නාමයකින් පරීක්ෂණ අංශය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එවර CIC සමාගමේ පොහොර සාම්පලයේ කැඩ්මියන් ප්‍රමාණය මිලි ග්‍රෑම්  23.5 ක අගයක් ගැනීමත් සමග මෙතෙක් කලක් කරගෙන ආ මහා පරිමාණ ජාතික අපරාධයක සුලු මුළ හෙළි කරගැනීමට හැකිවිය. මෙතෙක් කලක් CIC සමාගම අදාල පොහොර සාම්පල පරීක්ෂා කරන නිලධාරීන්ට සන්තෝෂම් ලබා දෙමින්   තම පොහොර සාම්පලවල කැඩ්මියම් අගය මිලිග්‍රෑම් 5 සීමාවේ තබා ගනිමින් පරීක්ෂණ වාර්තා නිකුත් කර ගැනීමට කටයුතු කර ඇති බව ඒ සමගම හෙළිවිය. අදාල පොහොර සමාගමේ ගබඩාවට මුද්‍රා තැබීමට අමාත්‍යාංශය කටයුතු කළේ ඉන් පසුවයි.

අදාල සිදුවීම සම්බන්ධනේ වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර තොග ගෙන්වූ අදාල සමාගමට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් කෘෂිකර්ම ඇමතිවරයා සදහන් කරනවා. කෙසේ වෙතත් බහුජාතික සමාගම්වල මහා ධනස්න්ධය ඉදිරියේ රට තුට්ටුවට දමමින් තමන්ගේ ආත්මය විකුණන් කන දේශපාලන හා නිලධාරී මාෆියාවක් ඉහළ සිට පහළටම ක්‍රියාත්මක වී ඇති තත්ත්වයක් තුළ කොන්ද පණ ඇතිව තම ඇමති ධුරයේ වගකීම නිසි ලෙස ඉටු කළ දුමින්ද දිසානායක ඇමතිවරයාට සහ අදාල නිලධාරීන්ට ස්තූතිය හිමිවිය යුතු අතර අදාල අපරාධකරුවන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නවාදැයි ඉදිරියටත් සමාජය මෙන්ම මාධ්‍යයද අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කරමු.

 

Related posts

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

colombotoday

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් කරයි

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday