Colombo Today Local News

හිටපු CID ලොක්කා ශානි අබේසේකර මුදා හරින්නැයි, වැලිකඩ අධිකාරීට අධිකරණයෙන් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහාධිකරණය හමුවේදී අද (17)දින ඇප කොන්දේසි සම්පූර්ණ කළහ.

ඊයේ අභියාචනාධිකරණය ඔවුන්ට නියම කළ ඇප කොන්දේසි අද (17)දින එලෙස සම්පූර්ණ කරනු ලැබිණ.

ඒ අනුව ශානි අබේසේකර මහතා මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත් සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරු මුදා හරින ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාටත් ගම්පහ අංක – 2 මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා අද (17)දින නියම කළේ ය.

අභියාචනාධිකරණ විනිසුරු වන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ රත්නප්‍රිය ගුරුසිංහ මහතා එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රුපියල් 25000 ක් බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට ඊයේ (16)දින නියම කළහ.

එම මුදල් සහ ශරීර ඇපවලට අමතරව සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් ය.

ඒ අනුව ශානි අබේසේකර මහතාගේ ඇපකරුවන් ලෙස ශානි අබේසේකර මහතාගේ සොහොයුරන් දෙදෙනක් ගම්පහ මහාධිකරණය හමුවේ ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කළ අතර සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ බිරිඳ සහ පුතා ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කළහ.

සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ ගම්පහ මහාධිකරණය හමුවේ තැන්පත් කළ අතර ගම්පහ
මහාධිකරණයේ අවසරයක් නොමැතිව සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරිණ.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීමේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා මාස දහයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ.

Related posts

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday