Colombo Today Local News

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

kujitha rajitha

ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා විසින් සත්හඬ පුවත්පතට 2015 නොවැම්බර් 21 දින සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන්ට එරෙහිව ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබිණි.

සත්හඬ පුවත්පතේ පළ කර තිබුණු අදාල සම්මුඛ සාකච්ඡාව උපුටාගෙන නොවැම්බර් 22 වනදා ColomboToday.com වෙබ් අඩවියේ ද තවත් වෙබ් අඩිවි ගණනාවකද පළ කෙරුණු අතර, අප වෙබ් අඩියේද නම සදහන් කරමින් අදාල සම්මුඛ සාකච්ඡාවෙන් එල්ල කර ඇති චෝදනා පිළිබද සත්‍ය අසත්‍යතාව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරුන් තිදෙන ලිපියක් මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. (එම ලිපිය පහතින්)

අප විසින් පල කරන ලද අදාල සම්මුඛ සාකච්ඡාව උපුටාගෙන පළ කරන ලද්දක් වන අතර ඒ බව අප විසින් පල කරන ලද ලිපියේද සදහන් කර ඇත. ඇවන්ගාඩ් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කුමක් කතා කළද, ඒ සම්බන්ධ නීතිමය හෝ වෙනයම් ආකාර කුමන හෝ ගැටළුවක් තිබුණද, නොතිබුණද අදාල ව්‍යාපාරය ජාත්‍යන්තරය ජයගත් දේශීය ව්‍යාපාරයක් වන බැවිනුත්, රට සංවර්ධනය කිරීමටනම් දේශීය ව්‍යාපාර රැකගත යුතුය යන මතයේ අප සිටින බැවිනුත් ඒ සදහා අවස්ථාවක් දිය යුතු බැවිනුත්, දේශීය ආර්ථික සංවර්ධනය ගැන වේදිකාවල පුරසාරම් වහසිබස් දොඩවන අතරේ අනිත් පසින් ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ව්‍යාපාර පටු දේශපාලන වාසි වෙනුවෙන් විනාශ කර දමා රට සංවර්ධන ඉලක්කයන් වෙන ගෙනයෑමේ හැකියාවත් පවතීදැයි යන ප්‍රශ්න සාතිශය බහුතරයක් වූ ජනතාවටත් අපටත් තිබෙන බැවිනුත් අදාල ලිපිය අප වෙබ් අඩවියේ පල කිරීමට තීරණය විය. ඒ හැර ඇවන්ගාඩ් හෝ ඊට අදාල පුද්ගලයන් සමග පෞද්ගලික බැදියාවක් අපට නොමැති බවද කිව යුතුය.

අන්තර්ජාල මාධ්‍යයක් වශයෙන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් “ඇත්ත ඇති සැටියෙන්” ජනතාව හමුවට ගෙන ඒමට අප බැදී සිටින්නෙමු. අප වගකියන්නේ මේ රටේ ජනතාවට මිස ජනතාවගේ බදු මුදලෙන් යැපෙන ප්‍රතිපත්තියක් නැති දේශපාලන පංචස්කන්ධයන්ට නොවේ. විශේෂයෙන් රටේ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියළු පුරවැසියන් තම වෘත්තීය සදාචාරය පවත්වා ගැනීම පිළිබදව කලක සිට රට හමුවේ විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරිව ඇත. ආණ්ඩු මාරුවන හැටියට, පිල් මාරුවන හැටියට ඇදිවත මාරු කරනවා මෙන් ප්‍රතිපත්ති මරුකරන සදාචාරයක් නැති මැති ඇමතිවරුන් ඉන්නා රටක චෝදනා එල්ල කිරීම සහ තීන්දු දීම දේශපාලන වේදිකා තුළදීම සිදුකරන කාර්යයක් බවට පත්වීම ගැන අප පුදුම නොවන්නෙමු.

68cc56796030ea7fdbc9f576706e2019a243ebe346518f24334507395d88e0bd

Related posts

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

බෞද්ධ ධර්මය තුල තිබෙන දේවල් රටේ නීතියට එකතු කරන්න බෑ – අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල

colombotoday

රුපියල තවත් පහළට

Admin

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday