Colombo Today Local Newsfeatured

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිංහලේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නිරෝධායන නීතිවලට පටහැනිව කොරෝනා මර්ධනය කිරීමට බාධාකාරී ලෙස ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන්අ, රවුෆ් හකීම් ඇතුළු පිරිසකට විරුද්ධව ද පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ජනාධිපති ලගට වෙලා කුමන්ත්‍රණ කරන අලි සබ්‍රි

ජනාධිපති ගොටභය රාජපක්ෂ මහතා සමීපයට වී මොහොමඩ් අලි සබ්‍රි මහතා රජය කෙරෙහි බහුතර සිංහල බෞද්ධයාගේ විශ්වාසය නැති කරීමට කුමන්ත්‍රණ කරනවාදැයි සැකයක් පවතින බවත් අනෙකුත් සියලුම මුස්ලිම් මැති ඇමතිවරු එක පසකට වෙද්දී අලි සබ්‍රි පමණක් ගොටභය රාජපක්ෂ කඳවුරේ නැවතීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා අදහස් දක්වමින් පැවසීය.

සුළු ජන දේශපාලකයින් ජාතික සමගිය නැති කිරීමේ ප්‍රකාශ සිදු කරන බවත් ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරද්දී මුස්ලිම් දේශපාලකයන් අහන්නේ කොවිඩ් වෛරසය වැළඳී මිය යන මුස්ලිම් පුද්ගලයින් වලලනවද පුච්චනවද කියලා යැයි සඳහන් කර සිටි සංජීව මහතා රිෂාඩ් බදුර්දීන් ට රවුෆ් හකීම් ට අසාද් සාලි ට ජාත්‍යන්තරයට කේලාම් කියන්න අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ මොහොමඩ් අලි සබ්‍රි බවට චෝදනා කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් සංජිව මහතා…

අන්තවාදී අලි සබ්‍රි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන්න

අන්තවාදී අලි සබ්‍රි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසත් දේශප්‍රේමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන ලෙසත් එසේ කළහොත් පමණක් අප බලාපොරොත්තුවන නිදහස් නිවහල් රට නැවත ගොඩ නැගිය හැකි බවත් සිංහලේ සංවිධානයේ උප සභාපති රත්නපුරේ සීවලී හිමි මෙහිදී සඳහන් කර සිටියා.

ජාතිවාදයට අන්තවාදයට උඩගෙඩි දෙන අලි සබ්‍රි වැනි පුද්ගලයන් ලං කරගෙන තනතුරු දෙන්න උත්සහ කරන්නේ කාගේ උවමනවකටදැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටි සීවලී හිමි පසුගිය ආණ්ඩුව මෙන් සිවිල් සංවිධාන, භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීමට උත්සහ ගැනීමට මෙන්ම වක්‍රව හෝ එයට සහයෝගය දීමට කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට නොමැති බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුරේ සීවලී හිමි…

සිංහල බෞද්ධ ඡන්දවලින් නොවෙයි අලි සබ්‍රිට ඉල්ලලා එන්න කියන්න

සියලු දෙනා බලාපොරොත්තු වූ ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටවූ බවත් ඒ ආණ්ඩුව යටතේ භික්ෂුන් වහන්සේලා සිරගත කරන්න ඉඩ නොතැබිය යුතු බව මේ අවස්ථාවට එක්වූ කළා කරු අසංග පෙරේරා පවසනවා. භික්ෂුන් වහන්සේලාට අත තැබූ යහපාලන ආණ්ඩුව පන්නා දැමු බවත් මේ ආණ්ඩුව යටතේ භික්ෂුන් වහන්සේලා උසාවි ගානේ ගෙන්විම බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

අලි සබ්‍රි කියන පුද්ගලයාට දේශපාලනයට එන්න අවශ්‍යනම් මහ පාරට බැහැලා ඡන්දය ඉල්ලා එන්න කියන්න. මොකටද ජාතික ලැයිස්තුවෙන් එන්නේ යැයි පැවසූ ඒ මහතා බෞද්ධයන්ගේ ඡන්ද නියෝජනය කිරීමට සිංහලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් අවධාරණය කර සිටියා.

“භික්ෂුන් වහන්සේලාට අත තියෙනවානම් මේ ආණ්ඩුවටත් අබ සරණයි” යැයි පැවසූ අසංග පෙරේරා “ගිය ආණ්ඩුවට කළ දේ මේ ආණ්ඩුවටත් කරනවා” යැයි සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කලාකරු අසංග පෙරේරා…

Related posts

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

“නැව කුළියට ගත්තේ අපේ ව්‍යාපාරිකයෙක්, එනිසා කප්පම් එපා“ සෝමාලි කොල්ලකරුවෝ නැව නිදහස් කරයි

colombotoday

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin