Colombo Today Local News

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 ට ඉදිරියේ නිරෝධායන සහ රෝග වලැක්වීමේ ආඥාපනය යටතේ නඩු පැවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්, සාප්පු සංකීර්ණ , කර්මාන්තශාලා, පවත්වාගෙන යාමේ දී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා පොලිසිය ඉකුත් (11) දින සිට ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමේ දී ඉහත ආයතන හදුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

මෙම මෙහෙයුමේ දී රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන 2823 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර ඒවා අතරින් සෞඛ්‍ය නිර්දේශ අනුව කි‍්‍රයා නොකරන ආයතන 473 හදුනාගෙන තිබු බව ඒ මහතා කියා සිටියේය.

Related posts

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලිච්ඡවී රජ දරුවෝ ඉන්න තැනක් -අගමැති ජපන් පාර්ලිමේන්තුවට කියයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday