Colombo Today Local News

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ මෙම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බවයි. මීට වසර දෙකකට පමණ පෙර ඇයට ලියුකේමියා රෝගය තිබෙන බව හඳුනාගෙන ඇති අතර ඉන් පසු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

පසුව කරාපිටිය පිළිකා ඒකකයෙන් දිගටම සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දැනට දින කිහිපයකට පෙර රෝගාතුර වීම හේතුවෙන් කරාපිටිය පිළිකා ඒකකයට ඇතුළත් කර තිබිණි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම දැරිය කොරෝනා ආසාදිත බවයි. අනතුරුව ඇය නිවසේ දී රැකබලාගන්නා ලෙස දැනුම් දී පිටත්කර යවා ඇත. දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් නැවත කරාපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිගමනය වූයේ ලියුකේමියා රෝගී තත්වය සමඟ කොරෝනා නිව්මෝනියාව ආසාදනය වීමෙන් දැරිය මියගොස් ඇති බවයි.

Related posts

පැමිණිලිකාරයා සොයාගෙන ගිහින් නඩු දාන්න නීතියක් ලංකාවේ තවම නෑ – කොමිසමේ සභාපති විනිසුරු

colombotoday

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

colombotoday