
ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
එම නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවද හෙතෙම සඳහන් කළේය .
මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වනු ලැබූවේ B.1.617.2.287ලෙසය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com