Covid 19

එන්නතට ලියාපදිංචි වීමට දුන් 1906 අංකය වැඩ නෑ.

කොවිඩ් පැතිරීම වැලැක්වීම පිළිබද ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාවට ලබාදී ඇති 1906 කෙටි දුරකථන අංකය වෙත ඇමතුම් ලබා ගැනීමට නොහැකි බව සඳහන් කරමින් බොහෝ දෙනා මැසිවිලි නගති.

එම අංකයට ඇමතුම් ලබා ගත්විට “කොවිඩ් 19 වෛරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමි” යනුවෙන් පවසන අතර ඉන් පසුව සිංහල භාෂාව සදහා 01 අමතන ලෙසත් දෙමල භාෂාව සදහා අංක 02 අමතන ලෙසත් ඉංග්‍රීසි භාෂාව සදහා 03 අමතන ලෙසත් පටිගත කරන ලද හඩ පටයක් වාදනය වේ. ඉන් නතුරුව අදාළ දිගුව ලබාදුන් පසු රැදී සිටින ලෙස කියා ස්වංක්‍රියාව විසන්දි වේ.මෙය අප විසින් ද පරික්ෂා කොට බැලු අතර එය ඒ අකාරයටම සිදුවේ. මේ හේතුවෙන් ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත්ව ඇති අතර තවම කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පිරිස මේ මගින් විශාල වශයෙන් අපහසුතාවයට පත්ව ඇත.

1906 අංකයට කෙටි පණිවුඩයක් යවන ලෙස සඳහන් කලද එයද මේ ආකාරයටම ව්‍යාකුල තත්වයක පවතී. හැදුනුම්පත් අංකය සදහන් කරන ලෙස පැවසුවද එය සදහන් කොට කෙටි පණිවුඩය යවන සෑම විටම ජාතික හැදුනුම්පත් අංකය වැරදි බවට නැවත කෙටි පණිවුඩයක් ලැබේ. මිට අමතරව එන්නත් මධ්‍යස්ථානයේ කේත අංකයක් අසන අතර එය බොහෝ දෙනෙකු නොදනී.

ඒ ඒ පුද්ගලයින්ට ග්‍රාමනිලධාරීවරයා හරහා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට ක්‍රමයක් සකස් කිරීමෙන් මෙසේ ජනතාව අපහසුතාවයට පත්වීම මගහරවා ගත හැකි බව අපගේ විශ්වාසයයි.

Related posts

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොවිඩ් රෝගීන් 1,225ක්

colombotoday

ඉදුරුව තුන්දුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

මල්වර මංගල්‍යයෙන් පසු රැකියාවට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා

colombotoday