
අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් සමාගම් දෙක විසින් නිපදවන වෙළඳපොලේ ඇති කම්බි තත්වයෙන් බාල බව පවසමින් එම සමාගම් දෙකට අයත් කම්බි ද රැගෙන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ඇතුළු පිරිසක් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට අද (29) උදෑසන පැමිණීමත් සමගම එම ස්ථානයේ යම් නොසන්සුන් තාවයක් ඇති වුනා.
SLS තත්ව සහතිකය මෙම සමාගම් විසින් ලබාගෙන ඇති නමුත් එම තත්වයට ගැලපෙන පරිදි මෙම සමාගම්වල නිපදවන වානේ කම්බිවල ප්‍රමිතියක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරුණා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com