Colombo Today Local News

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පාරිභෝගික අධිකාරියේ ඉහළ තනතුරක් දරන නිසා පාරිභෝගික අධිකාරිය නීති විරෝධී ආයතනයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ…. ‍

 

2017-1o-17

මාධ්‍ය නිවේදනය

සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පාරිභෝගික අධිකාරියේ ඉහළ තනතුරක් දරන නිසා පාරිභෝගික අධිකාරිය නීති විරෝධී ආයතනයකි

මෙරට සමස්ත පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව සදහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරනු ලබයි උක්ත පනතේ 3(1) වගන්තිය අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයෙකුගෙන් හා සාමාජිකයින් දසදෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම සාමාජිකයින්ගේ සුදුසුකම් පැහැදිලිව පනතේ සදහන් කර ඇත  අදාල වගන්තිය මෙසේය අධිකාරිය සභාපතිවරයෙකුගෙන් සහ කර්මාන්ත නීතිය ආර්ථික විද්‍යාව වාණිජ්‍ය පරිපාලනය ගිණුම්කරණය විද්‍යාව හෝ සෞඛ්‍ය ක්ෂ්තවල පිළිගත් සදුසුකම් ඇත්තාවූද ඒ ක්ෂතවල පෘථුල පළපුරැද්දක් සහ විශිෂ්ඨත්වයක් ලබා ඇත්තාවූද තැනැත්තන් අතරින් අමාත්‍යවරයා විසින් පත්කරන ලද සමාජිකයින් දහයකට නොවැඩි සංඛ්‍යාවකගෙන් සමන්විත වියයුතුය

වර්තමානයේ එහි  සාමාජිකයින් අතරින් අධිකාරියේ පූර්ණ කාලීන සමාජිකයින් ලෙස කටයුතු කරන ඒ ආර් බී නිමත්ඩීන් පිළිබදව හා එම් මහරෑප් හිල්මි මහතාගේ සුදුසුකම් පිළිබදව අප  විසින් 2015 අංක 12 දරණ තොරතුරැ දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විමසන ලද අතර එහ තොරතුරැ ඉල්ලා මාස 6 කට පසුව පාරිභෝගික අධිකාරිය අප වෙත දැනූවූයේ අදාල පත්වීම අමාත්‍යවරයා විසින් කර ඇති බැවින් අමාත්‍යාංශයෙන් අදාල තොරතුරැ විමසන ලෙසයි ඒ අනුව අප විසින් ඔවුන්ගේ සුදුසුකම් පිළිබදව අමාත්‍යාංශයෙන් ලිඛිතව විමසන ලදී තොරතුරැ පනත අනුව දින 14 ක් ඇතුලත එම තොරතුරැ ලබා දිය යුතු වුවද මාස ගණනකට පසුව අමාත්‍යාංශය අප වෙත දන්වා සිටියේ එම තොරතුරැ පුද්ගලික තොරතුරැ බැවින් ඒවා ලබා දිය නොහැකි බවයි ඉන් පසු අප විසින් අභියාචනයක් ඉදිරිපත් කල අතර එහිදී අපට ලැබුනු පිළිතුර වූයේ තොරැතුරැ කොමිසමේ උපදෙස් ලබා ගැනීම සදහා ලිපියක් යොමුකල බවයි තොරතුරැ කොමිසමට අමාත්‍යාංශය විසින් යවන ලද ලිපියේ සදහන් වූයේ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ අදාල සුදුසුකම් සදහන් වී ඇති බවයි එහෙත් ඒ ආර් බී නිමත්ඩීන් විසින් ඔහුගේ සුදුසුකම් පිළිබදව අමාත්‍යාංශය දැනුවත් නොකර බවයි

මේ අතර ඒ ආර් බී නිමත්ඩීන් විසින් මාහටද පිටපතක් සහිතව තොරතුරැ කොමිසමවෙත යොමුකරන ලද ලිපියෙන් පවසන්නේ අධ්‍යාපන සුදුසුකම් යනු අතිශය පුද්ගලික තොරතුරැ බවයි

කෙසේ වෙතත් නැවත අප වෙත ලිපියක් එවන අමාත්‍යාංශය පවසන්නේ ඒ ආර් බී නිමත්ඩීන් ගේ සුදුසුකම් තම අමාත්‍යාංශයේ නොමැති බවයි එහෙත්  හිල්මි මහතාගේ සුදුසුකම්  අපවෙත එවා ඇත

ඔහුගේ සුදුසුකම් ලබාදීම වසරකට ආසන්න කාලයක් සැගවීම මගින්  ගම්‍යවන්නේ   ඒ ආර් බී නිමත්ඩීන් නැමැත්තාට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පූර්ණ කාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති බවයි

සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ තනතුරක් දැරීම නිසා විශේෂයෙන්ම පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නීති විරෝධී කියාවකි මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශණ නිළධාරීන් බදවා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වන අතර එම සම්මුඛ පරීක්ෂණ මංඩලයේ ඔහු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමද නීති විරෝධීය

නිසි සුදුසුකම් නොමැතිව දීමනා වරපසාද ලබා ගැනීම හා ගෙවීමද නීති විරෝධී වේ ඒ අනුව අප සංවිධානය පකාශ කරන්නේ සමස්ත පාරිභෝගික අධිකාරියම මේවන විට නීති විරෝධී බවයි ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් කල නොහැක

සමස්ත පාරිභෝගිකයින් අසරණ කරන මෙම සිදුවීම පිළිබදව ජනාධිපතිවරයා සොයා නොබැලීම අපට මහත් ගැටලුවකි

ඒ.ආර්.බී.නිමත්ඩීන් මයා
පූර්ණ කාලින සාමාජික
   +94 117 755 474
+94 112 445 896
  +94 117 755 474
   edcaa2@sltnet.lk

(උපුටා ගැනීම පාරිභොගික කටයුතු අධිකාරියේ නිළ වෙබ් අඩවිය) http://www.caa.gov.lk

ස්තුතියි, මෙයට

 

රංජිත් විතානගේ – සභාපති

 

 

 

 

 

Related posts

සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

colombotoday

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday