BusinessColombo Today Local News

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

අධිශිතකරනවල කල් තබා ගන්නා ආහාර ඔස්සේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන බවට නවතම පර්යේෂණවලින් සනාථ වී තිබේ.

උතුරුදිග චීනයේ ටියැන්ජින් මහ නගර සභා බලධාරීන් විසින් Covid-19 සහිත අයිස්ක්‍රීම් සොයාගෙන ඇති බවට තහවුරු කිරීමත් සමඟ ලෝකය පුරා ඒ පිළිබඳව දැඩි අවධානයකට ලක්ව ඇත.

එවන් මොහොතක මෙරට ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බෝ චිකන් ආයතනය සිය කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දින ගණනාවක් යනතුරු පාරිභෝගිකයන්ගෙන් වසන් කිරීමට කටයුතු කර ඇත.

තම ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ක්‍රිස්බ්‍රෝ (Crysbro) සමාගම පසුගිය 16 වනදා නිවේදනයක් නිකුත් කර ඇති නමුත් අදාළ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ අගභාගයේදී බවට මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් තම සේවකයාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු කරගත් දිනය ක්‍රිස්බෝ සමාගම මේ දක්වා සඳහන් කර නොමැත.

මේ පිළිබඳව අප සිදුකල විමසීමකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියේ කොඩිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අදාළ සමාගම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බවයි. අධි ශීතකරණ තුල කල් තබා ගන්නා ආහාර මගින් වෛරසය ව්‍යාප්ත වන බවට පර්යේෂණවලින් සොයාගන්නා මොහොතක, ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක් සමාගමේ ක්‍රියාකලාපය හේතුවෙන් පාරිභෝගිකයාට ඇතිවන බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

රන්ජිත් විතානගේ

වෛරස් ආසාධිතයින් සේවය කළ අවස්ථාවේ සිදුකල නිෂ්පාදන විනාශ කර දැමීමක්ද අදාළ ක්‍රිස්බෝ සමාගම සිදු කර ඇති බවක් වාර්තා නොවන පසුබිමක අසාධිතයින්ගෙන් ආහාර මතට වෛරසය පතිත වී තිබුණහොත් එමගින් රට පුරා අධි ශිතකරනවල ගබඩා කර ඇති කුකුළු මස් වෛරස් වාහකයෙකු සේ ක්‍රියා කල හැකි බව ද ඒ මහතා පෙන්වා දෙන ලදි.

දේශපාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ තවදුරටත් මෙම අවධානම ජනතාවගෙන් වසන් කරමින් කටයුතු කළහොත් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

colombotoday

ගෝඨාභය රට හදනු ඇතැයි මට විශ්වාසයි. – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

colombotoday