World

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

කියුබාවේ වසර 60 ක කැස්ත්‍රෝ පාලනය අවසන් කරමින් වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ සිය ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් වේ.

ඒ පාර්ලිමේන්තු අනුමැතියෙන් කොමියුනිස්ට් පාක්ෂික එරට ප්‍රථම උප ජනපති වන මිගුයිල් ඩයාස් කැන්ල් ජනපති ධුරයට පත් කරමිනි.

ඒ අනුව වසර 60 ක් බලයේ රැඳී සිටි කැස්ත්‍රෝ සහෝදරයින්ට පසුව තරුණ කොමියුනිස්ට් පාක්ෂිකයෙකු කියුබානු ජනපති ධුරයට පත්වීම ඓතිහාසික සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

86 හැවිරිදි රවුල් කැස්ත්‍රෝ, සිය වැඩිමහල් සහෝදරයා වන ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු, වසර 10 ක් කියුබානු ජනපති ලෙස කටයුතු කළේ ය.

ඩයාස් කැනල් 20 වන වියේදී සිය දේශපාලන ගමන ඇරඹුවේ කියුබානු කොමියුනිස්ට් ලීගයේ තරුණ ක්‍රියාකරුවෙකු ලෙසයි.

ඉංන්ජිනේරු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඔහු වයස අවුරුදු 33 දී තරුණ ක්‍රියාකාරීන්ගේ කොමියුනිස්ට් ලීගයේ දෙවැනි ලේකම්වරයා බවට පත්වීමට සමත් විය.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

බොරතෙල් මිල පහළට

Admin

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday