Colombo Today Local NewsExclusive :Hot News

ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියට

daham-irisenaජනාධිපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පෙරේදා (07) වැනිදා අළුයම ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතිනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුවයි.

Colombo Today අප වෙබ් අඩවියට අදහස් දැක්වූ, එදින මෙම සමාජ ශාලාවේ සේවය කල වේටර් වරයකු සදහන්කර සිටියේ සිද්දිය ඇතිවූ දින රාත්‍රී 7.00ට පමණ දහම් සිරිසේන තවත් මිතුරන් දස දෙනෙකුට ආසන්න පිරිසක් සමග සමාජ ශාලාව වෙත පැමිනි බවයි. ඒ වනවිට එජාප පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක්ද සමාජ ශාලාවේ සිට ඇත.

රාත්‍රී 8ත් 9ත් අතර වේලාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ කිට්ටුම යහළුවන් පිරිසක්ද එහි පැමිණ ඇති අතර ඔවුන් නිතර එම සමාජශාලාව වෙත යන එන සමාජශාලා හිමිකරුගේ මිතුරන් පිරිසක්ද වන බවයි අදහස් දැක්වූ වේටර්වරයා සදහන් කර සිටියේ.

ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක් පැමිණීම හේතුවෙන් දහම් සිරිසේන ජනපති පුතුට එම ස්ථානයෙන් පිටව යන ලෙස සමාජ ශාලා ආරක්ෂක අංශ ඉල්ලීමක් කර ඇත. අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඊට පැය පහකට පමණ පසුව ජනපති පුත්‍රයාගේ මිතුරන් පිරිස එම ස්ථානයට නැවත පැමිණ සමාජ ශාලාව තුලට යාමට උත්සහ කර ඇත. ජනාධිපති පුත් ආරක්ෂක අංශ ඉල්ලීම පිළිගත්තානම් ඔබලාට බැරි ඇයිදැයි ආරක්ෂක අංශ විමසීමත් සමගම ගැටුම හටගන ඇති අතර දහම් සිරිසේන එම පිරිස සමග නොසිටි බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ “ක්ලික්” සමාජ ශාලාවේ හිමිකරු සදහන් කර සිටියේ.

මෙම සිදුවීම මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ එජාප පළාත්සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බවයි මේ වනවිට අනාවරණය වෙමින් පවතින්නේ. එජාපයේ සමීපතම අන්තර්ජාල මාධ්‍ය මෙහෙයවන්නේකුගේ වෙබ් අඩවියකින් මුලින්ම මෙම සිදුවීම කරලියට පැමිනුණු අතර නව ව්‍යවස්ථාව සැදීමේදී රනිල් මෛත්‍රී අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය මේ අයුරින් සමාජයට පැමිණෙන බවයි දේශපාලන විශ්ලේෂකයන් සදහන් කර සිටින්නේ.

Related posts

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

Admin

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday