BusinessColombo Today Local Newsfeatured

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

“දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.” යනුවෙන් පුවතක් මැයි 23 දින අප පළකලද මෙහි අලගිය මුලගිය තැන් පිළිබඳව අවබෝධය සඳහා කතාව සැකවින් ගෙන ඒමට අදහස් කළෙමු.

“සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ” මැයෙන් පසුගිය මැයි 21 දින Colombo Today පුවතක් පළකර සිටියේ ඉතාම සද්භාවයෙනි.

අප පලකල පුවතින් පසුව Dialog ආයතනය නියෝජනය කරමින් Sadiq Javadh නැමති මහත්මයෙක් sadiq.Javadh@dialog.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ email පණිවුඩයක් මගින් ගැටලුකාරී තත්වය මතුව තිබෙන ගම්මානය පිළිබඳව කතා කිරීම සඳහා දුරකථන අංකයක් ලබාදෙන ලෙස ඉල්ලීය. එම ඉල්ලීමට සවන්දුන් අප, පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමියන්ගේ දුරකථන අංකය ලබා දෙන ලදි.

ඉන් පසුව “උදිත” නැමති මහත්මයෙක් Dialog සමාගම නියෝජනය කරමින් චන්දවිමල හිමියන්ට දුරකථනය ඔස්සේ අමතා ඇත. පසුව විහාරස්ථානයට Dialog කණ්ඩායමක් පැමිණ ඇති අතර සිග්නල් ප්‍රශ්නය විසඳීම සඳහා ඇන්ටනාවක් සවිකර දී ස්වාමින් වහන්සේගෙන් රුපියල් 3000 ක මුදලක් අය කරගෙන ඇත. ඒ සඳහා රිස්ට් පතක්වත් ලබා දී නොමැත.

තත්වය ප්‍රයෝජනයට ගනිමින් සට කපට ලෙස මඩිය තර කර ගැනීමට සිතූ Dialog අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම, වන අලි ප්‍රශ්න හමුවේ ගොවිතැනින් එදිනෙදා වියදමවත් සොයාගැනීමට අපහසුව දිවිගෙවන ගම්මුන්ට, පන්සලට සිග්නල් ලබාදුන් ආකාරයෙන්ම ගම්මානයේ අනෙක් නිවාසවලට ද සිග්නල් ලබා දීම සඳහා එක් නිවසකින් රුපියල් 3000 ක මුදලක් ලබා දෙන්නේනම් ඇන්ටනාවක් සවිකර දී සිග්නල් ලබා දිය හැකි බව පවසා නව “4G router” ප්‍රොමෝෂන් එකක් ආරම්භ කර ඇත්තේ ජනතාවගේ දුක අස්සේ තමන්ගේ මඩිය තර කර ගැනීමේ තුච්ඡ චේතනාවෙන් වීම කනගාටුදායක තත්වයකි.

ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුනේ බලය වැඩිකර මොබයිල් 4G පහසුකම ලබා දෙනවා වෙනුවට එදා වේලා අමාරුවෙන් සොයාගන්නා අහිංසක ගම්මුන්ගෙ තුට්ටු දෙකට විදීමට Dialog ආයතනය router ප්‍රොමෝෂන් එකක් සිදුකිරීමේ පුවත ඊට පසුව අප පලකරන ලදි.

එම පුවතින් පසු කලබලයට පත්වූ Dialog සමාගම පොරොන්දු 3ක් ලබා දෙන ලදි.

  1. මාස 2ත් 3ත් අතර කාලයක් තුල නව කුළුණක් ඉදිකර ප්‍රදේශයට මොබයිල් 4G පහසුකම ලබා දීම.
  2. එතෙක් ගම්මානයේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මූලික ගාස්තුව නොමැතිව Router පහක් ලබා දීම. (එම රවුටර් සඳහා DATA ගාස්තුව දරුවන් ගෙවිය යුතුය.)
  3. පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමියන් ගෙන් ලබාගත් මුදල් ආපසු ලබා දීම.

අදාළ Router පහ සවි කිරීම සඳහා 24 වන සඳුදා දින පැමිණෙන බවත් එම අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාවගෙන් රු.3000 ක් ඉල්ලුවේ නැති බව සඳහන් කරමින් “voice cut” එකක් ලබාදෙන ලෙසත් චන්දවිමල හිමියන්ගෙන් ඉල්ලීය. තමන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් ලෙස බොරු කීමේ හැකියාවක් නැති බැවින් අදාළ “voice cut” එක ලබා දීම චන්දවිමල හිමියෝ ප්‍රතික්ෂේප කරන ලදි. එනිසා එදින Router පහ සවිකිරීමට ඔවුන් එදින පැමිණියේ නැත.

පසුව මේ පිළිබඳව තවත් වෙබ් අඩවි කිහිපයක් පුවත් වාර්තා කර තිබූ අතර සමාජ මාධ්‍ය තුල, මේ වනවිට Dialog අන්තර්ජාල පහසුකම් වේගය ඉතා අඩු වීම සම්බන්ධයෙන් විරෝදය දක්වමින් සිටි කණ්ඩායම් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් දක්වන්නට යෙදුනි.

ඒ අනුව යලි ඊයේ (28 සිකුරාදා) දින දහවල් Dialog කණ්ඩායමක් පැමිණ Router පහ සවිකර ගොස් ඇත. කෙසේවෙතත් පොරොන්දුවූ පරිදි චන්දවිමල හිමියන්ගෙන් ලබාගත් මුදල් ආපසු ලබා දී නොමැත.

කෙසේ වෙතත් අප මතුකරන කාරණයනම් කොරෝනා වෛරසය හමුවේ රටම වසා දමා ඇති මොහොතක මෙවැනි විශාල සමාගම් තමන්ගේ පාරිභෝගිකයින් පිළිබඳව මානුෂීයව සිතිය යුතු බවයි. රටේ ජනතාව නොසිටින්නට තමන්ගේ සමාගම් පවතින්නේ නැති බවත් ඔවුන් අවබෝධ කරගත යුතුය.

මේ සියල්ල පිළිබඳව 28 සිකුරාදා උදෑසන පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමි සිදුකල හෙළිදරව්ව…

ගමට සිග්නල් නොමැති බව පෙන්වමින් මුලින්ම පලකල වීඩියෝව…

Related posts

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday