BusinessColombo Today Local Newsfeatured

අන්තර්ජාල සේවා මන්දගාමියි. අයකරගත් මුදල් ආපසු දෙන්න. | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය Dialog සමාගමට දන්වයි.

Dialog Axiata සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති 4G සම්බන්ධතා සදහා වන වේගය ඉතාම මන්දගාමී වී ඇති අවස්ථාවක වෙළද දැන්වීම් මගින් තවරටත් පාරිභෝගිකයා නොමග යවමින් නව සම්බන්ධතා අලෙවි කරමින් සිටීම කෙරහි තම සංවිධානෙය් අවධානය යොමු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.

Dialog Axiata සමාගම විසින් පාරිභෝගිකයින්ට පොරොන්දු වූ පරිදි වේගවත්ව අන්තර්ජාල සේවාව ලබා නොදීම නිසා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් අගතියට පත්ව ඇති බවත් එම පාරිභෝගිකයින් වෙනුවෙන් තම සංවිධානය ඉල්ලීම් තුනක් කරනු ලබන බවත් එම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දන්වමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් Dialog Axiata ප්‍රධාන විධායක නිළධාරී සුපුන් වීරසිංහ මහතා වෙත අද (6) දින යවා තිබෙනවා.

අදාළ ලිපිය මගින්,

  1. වේගවත්ව අන්තර්ජාල සේවා ලබා නොදුන් කාලය තුළ පාරිභෝගිකයින්ගේ බිල්පතෙන් අය කරගන්නා ලද මුදල් නැවත ලබා දීම.
  2. අන්තර්ජාල සේවා වේගවත්ම ලබා දෙන තුරු පාරිභෝගිකයාගෙන් මුදල් අය කර ගැනීමෙන් වැලකීම.
  3. අන්තර්ජාල සේවා නිසි පරිදි ලබාදෙන තුරු නව සම්බන්ධතා අලෙවි කිරීමෙන් වැලකී සිටීම.
    යන සහන තුන පාරිභෝගිකයන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

Dialog Axiata ප්‍රධාන විධායක නිළධාරී සුපුන් වීරසිංහ මහතා වෙත යවා ඇති ලිපිය….

Related posts

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

colombotoday

නිරෝධායන රීතී උල්ලංඝනය කල පිරිසක් සමඟ වාහන 25ක් අත්අඩංගුවට

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday