Colombo Today Local News

මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනය

dilantha witanage2

මඩ ප්‍රචාර හා “සිංහලේ” පිලිබඳ නිවේදනය- කථිකාචාර්ය දිලන්ත විතානගේ

“සිංහලේ” පිලිබඳ ව FACEBOOK ඔස්සේ ගෙන යන වැඩ පිළිවෙල සමග කලබල වී ඇති යම් පිරිස් බොදු බල සේනාවට හා පෞද්ගලිකව මා හට අපහාස කිරීම පිණිස මා සම්බන්ධව වැරදි තොරතුරු හා ජායාරුප පල කරමින් ගෙන යන ප්‍රචාර වලට පිළිතුරු දෙන ලෙස අපට හිතවත් බොහෝ දෙනා මගෙන් ඉල්ලීම් කරනු ලැබූ බව ස්තුතිපුර්වකව සඳහන් කරමු.

බුදු දහමින් පෝෂණය ලබා අටලෝ දහමින් කම්පා නොවීමට පුරුදු වී ඇති මා හට මෙම මඩ ප්‍රචාර දැනෙන්නේවත් නොමැති බව පමණක් මම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

නව දේශපාලන පක්ෂයක ලේකම්වරයකුගේ උපන් දින උත්සවයකදී ඔහුට අයත් ස්ථානයකදී බොදු බල සේනාවට එරෙහිව ඇති වූ කතා බහක් හා ඒ හා සමග සිටි මාධ්‍ය හා සම්බන්ද පිරිසක් සමග ගනු ලැබූ ජයාරූප යොදා ගනිමින් මෙම මඩ ප්‍රචාර දියත් කර ඇත. මා මේ පිලිබඳ පිළිතුරු සැපයීමට මගේ වටිනා කාලය ගත කිරීමට අකමැති වුවද කරන ලද ඉල්ලීම් හා ජාතික වැඩ පිළිවෙල ගැන සිතා මෙම පිළිතුරු ඉදිරිපත් කරමි.

මෙම ලේකම්වරයා 2003 දී මට හඳුන්වා දුන්නේ එවකට විපක්ෂ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. වසර 2 ක් තිස්සේ තමන්ට වෙබ් අඩවියක් සදා දීමට පොරොන්දු වූ හිතවතුන් ඒ බව ඉටු නොකළ නිසා ඒ ගැන කල ඉල්ලීමකට අනුව ඉතා කෙටි කලකදී වෙබ් අඩවියක නිර්මාණ සැලසුම සකස් කොට මා හිතවත් කෙනෙක් ලවා එය තාක්ෂණිකව සංවර්ධනය කොට ලබා දුනි. එම වෙබ් අඩවිය විවෘත කිරීම ජයික් හිල්ටන් හෝටලයේදී ආතර් සී ක්ලාක් මහතා සිදු කල අතර e-Democracy හා e-Leadership නමින් එහි මුලික දේශනය මා විසින් සිදු කරනලද අවස්ථාවේදී මෙම ලේකම් වරයා මහින්ද මහතා විසින් මාහට හඳුන්වා දෙනු ලැබුවා. එවකට 2003 දී මා ICTA නම් රාජ්‍ය ආයතනයේ රුපියල් ලක්ෂ දෙකකට අධික මාසික අදායමක් ලැබූ රැකියාවක් කරමින් සිටි අතර රජයේ සේවකයෙක් විපක්ෂ නායකයාගේ උත්සවයකට යාම පවා බිය ජනක වුවත් මා එදාද එයට බිය වුයේ නැත. එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ICTA භාර අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් ගැටළු ඇති කරනු ඇතැයි බියවූ ICTA සමහර සේවකයින් ම එම දේශනයට යෑම වැලක්වීමට පවා උත්සහා කලේ රැකියා ගැන සිතමින්. පසුව ඔවුන් “මෙරුන්” මෙන් මහින්ද මහතා වට කර ගත්තා. 2005 ඔහු ජනපති වූ පසු ICTA හි වැඩසටහන් විශේෂඥ තනතුරින් හා අධ්‍යාපන අමාත්‍යංශයේ ICT උපදේශක තනතුරින් ඉවත් වීමට තරම් මට හිරිහැර කළහ. මම අදද ඔවුන්ට අනුකම්පා කරමි. අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ මා ඉල්ලා අස්වීම පිළිනොගැනීම නිසා මට සේවය නැවත ලබා දීමට කම්කරු උසාවිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂඨාධිකරණය දක්වා ගෙන යාමට හා එමගින් විශ්ව විද්‍යාල තනතුර අහිමි කිරීමට මෙම මෙරුවන් බලපෑම් කලේ රාජපක්ෂ යුගයේදී. ලංකාවේ පාසල් පද්ධතියට ICT විෂය හඳුන්වා දීමට නායකත්වය දුන් , කිසිදු වරදක් කර නොමැති මා හට විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුර අහිමි කිරීමට වැඩ බැරි වචීපරමලා විසින් උත්සාහ කල බව මම දනිමි. පසුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය උපදේශක වරයෙක් ලෙස කල රැකියාවෙන්ද ඉවත් වීමට 2013 දී රාජපක්ෂ වරු මට බලපෑම් කලේ මා බොදු බල සංවිධානය ගොඩ නැගීමට නායකත්වය දුන් නිසාස. 2015 ජනාධිපතිවරණයේදී මා පෞද්ගලිකව කල යුතුව තිබුනේ ඔහුට එරෙහි වීම වුවද මම රට,ජාතිය, බුදු දහම ගැන සිතා බොදු බල සේනා ගනු ලැබූ තීරණය අනුව මහින්ද මහතාට උදව් කිරීමට තීරණය විය. අදත් මට ඔහු ගැන දුකක් අනුකම්පාවක් ඇත. එත් මම රාජපක්ෂ රජයේ වැරදි අනුමත කිරීමක් මින් අදහස් වන්නේ නැත. අවස්ථාවක් ලැබුණු විගස මේ වැනි කරුණු රාශියක් සමග පොතක් ලියන්න මට මේ මඩකරියන් නිසා සිතා සිටිමි.

මම FACEBOOK ඔස්සේ මගේ ලිපි හා ජයාරූප පල කරමින් FACEBOOK වීරයකු හෝ නායකයකු වීමට උත්සහා කර නොමැති බව පසුගිය වසර 3 තුල බොදු බල සේනා ඉතිහාසය තුලම FACEBOOK තුල සිටින ඔබට පැහැදිලිය. වසරක් තුල බොදු බල සේනා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල හඬක් ඇති සංවිධානයක් බවට පත් කිරීමට උපායමාර්ගිකව මගේ බුද්ධිය, ශ්‍රමය, සම්බන්ධතා හා මුදල් කැප කිරීම පමණක් නොව ඉහල මට්ටමේ රැකියා වලින් ඉවත් වීම පවා සිදු වූ බවත්, යම් අවස්ථාවල ජීවිත තර්ජන පවා තිබු බවත් හොඳින්ම දන්නේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බොදු බල සේනා ජනප්‍රිය වීමට පෙර සිටි අදද අප සමග සිටිනා හිතවතුන් පමණි. මම බොදු බලේ පටන් ගත් මුල්ම ගිහි සාමාජිකයා මිස බොදු බලේ එලියට ආකර්ෂණය වී පැමිණි “මෙරුවෙක්” නොවන බවත්, උපේක්ෂා සහගතව බොහෝ දේ අත්හැර යාමට තරම් පිළිවෙතින් බෞද්ධයෙක් වන මට ” සිංහලේ” “බොදු බලේ” වැනි ආකර්ෂණයන් නිසා ප්‍රසිද්ධ වීමට හූ ජනප්‍රිය වීමට හීනමානයක් නොමැති බවත් පැහැදිලිව ප්‍රකාශ කරමු.

පසුගිය වසර තුන් තුල මගේ වටිනා කාලයෙන් 80% බොදු බල සේනා වෙනුවෙන් කැප කරමින් බොදු බලේ වැඩ පිළිවෙල , නගන වැඩ පිළිවෙල, බොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළු බොහෝ ප්‍රකාශන , මාධ්‍ය නිවේදන සකසමින්,, මාධ්‍ය හමු පැවැත්වුයේ, කටයුතු කලේ මගේ නම දමා ගැනීමට නොවන බව මා සමග කටයුතු කරන බොහෝ දෙනා දන්නා පැහැදිලි කරුණකි. පසුගිය වසර තුන් තුල මා කල බොහෝ දේ කෙසේ වෙතත් ” සිංහලේ” ජාතික වැඩ පිළිවෙල අවදිකරන්නට මා ගත් උත්සහය පිලිබඳ පැහැදිලි සාක්ෂි කිහිපයක් පහත දක්වා ඇති අතර එය මඩකරියන්ට පිළිතුරක් වශයෙන් නොව බොදු බල සේනා හා බොදු ජන පෙරමුණේ (දැන් එක්සත් සිංහලේ මහජන පෙරමුණේ) කීර්තිය රැකගැනීම උදෙසා පමණක් ඉදිරිපත් කරමි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

2014 සැප්තැම්බර් 28 බොදු මහා සමුළුවේදී
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/958117020874992/?type=2&theater
2014 සැප්තැම්බර් TNL නාලිකාව මගින්
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/957475334272494/?type=2&theater
2015 අගෝස්තු මහා මැතිවරණයේදී ජාතික රූපවාහිනියෙන්
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/977868918899802/?theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/814303398589689/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1036711289682231/?theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/979378912082136/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/977868918899802/?theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/978475928839101/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/975719875781373/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/975555162464511/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/975555162464511/?type=2&theater
https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/975965125756848/?type=2&theater

Related posts

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්

Admin

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday