Colombo Today Sports News

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වෙනි ස්ථානයට

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරිම සටහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම  ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කරමින් ඔහු දැක්වූ දක්ෂතාව අනුව මෙසේ තම ටෙස්ට් ජීවිතයේ පළමු වරට දිමුත් ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියේය.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබේ. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල 33 වැනි ස්ථානයටත්, ළහිරු තිරිමාන්න 95 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

ටෙස්ට් පිතිකරුවන් අතර ලෝකයේ අංක එක ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව තිබේ.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල්ය ඔහු 30 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මීට අමතරව අකිල ධනංජය 36 වැනි ස්ථානය දක්වාත්, ලසිත් ඇඹුල් දෙණිය 69 වැනි ස්ථානය දක්වාත්, ධනංජයද සිල්වා 77 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

පන්දු යවන්නන් අතර මුල් ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ය.

Related posts

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරයි

colombotoday

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday