Colombo Today Local NewsTop Stories

මැරෙන්න මොහොතකට පෙර හෝ ඥානසාර හිමිට කල අසාධාරණයට විපාක ලැබෙයි – දියසෙන්පුර විමල හිමි

ඥානසාර හිමි කියන චරිතය සමාජගත වෙන්නේ මේ රටේ මහනායක ස්වාමීන් වහන්සේලා සහ පාලකයන් තම වගකීම ඉටු නොකිරීම නිසා බව දියසෙන්පුර විමල හිමි සඳහන් කර සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ දියසෙන්පුර හිමි….

“එදා දයාබර රණවිරුවන් ඇස්වල කඳුළු සලාගෙන යද්දී කාගේ සිතද උණු නොවී තිබෙන්නේ මනෝ විද්‍යා සිදාන්ත ගත්තත් ඒක වැරද්දක් නෙවෙයි. ඥානසාර හිමි කියන… අපේ ශාසනයේ කාහල නාදය නිහඬ කිරීමෙන්… හිටපු,වර්තමාන සහ බිහිවෙන්න නායකයෝ මොනවද හිතන්නේ?”

“මේ රටේ වනඝතකයෝ, උසාවියට ගල්ගපු මිනිස්සු තමන්ගේ බලය පාවිච්චි කරලා නිදහසේ ඉද්දි රට ජාතිය වෙනුවෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් අභිතව හඬ නගපු මේ ස්වාමීන් වහන්සේ සිදුකල වරද මොකද්ද?”

“මේ රණවිරුවන් වෙනුවෙන් ඥානසාර හිමි කල ප්‍රකාශය දැක්කහම ඇස්වලට කඳුළු එනවා.”

“අපි බලාගෙන හිටියා ඥානසාර හිමිට සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා. ඒක වෙන පාටක් නෑ. මහනායක හිමිවරු දැන් තීරණයක් ගන්න ඕනි. මේ සඳහා සෘජු හෝ වක්‍රව දායක වූ රටේ නායකයා ඇතුළු සියලු දෙනාගේ ආගමික කටයුතුවලින් ඉවත්වෙලා හෝ සතර දිගින් භික්ෂුන් වහන්සේලා අග නගරයට වැඩමමවලා සිවුරට අත තියෙන එක වහාම නවත්තවන්න ඕනි.”

“වීරයෙක් හිරගත කලාට වීරත්වය හිරගත කරන්න බෑ. මිනිහෙක් මැරුනොත් යලි ඉපදෙනවා. ජාතියක් මැරුනොත් යලි ඉපදෙන්නේ නෑ. කාදිනල් වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතයන් ඥානසාර හිමි වෙනුවෙන් කතා කරන්නේ නෑ. උන් වහන්සේ මේ ජාතියට කල වැරැද්ද මොකද්ද? රටට ජාතියට වෙන විනාශය ගැන කතා කිරීමද? ඉදිරියේදී තීරණ ගද්දි හොඳින් මතක තියාගන්න. රටට ජාතියට සාසනයට ද්‍රෝහී කරන එක දේශපලකයෙකුටවත් කැමැත්ත දෙන්නේ එපා. මෙහෙම ගියොත් සින්හලයාගේත්, රටෙත්, ශාසනයේත් මළගම වැඩි ඈතක නොවෙයි.”

“මේක එක පුද්ගලයෙකුට දුන්න දඬුවමක් නෙවෙයි. සමස්ත සංඝයාට කල නිග්‍රහයක්. රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වුන ඥානසාර හිමි වෙනුවෙන් අපි පොදුවේ පෙනී ඉන්න ඕනි.”

“මේ සිදුකල අපරාධයට මැරෙන්න මොහොතකට පෙර හරි මේ අසාධාරණයට විපාක ලැබෙයි.”

Related posts

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

ලක් ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවට වසර තුනයි..

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin