Colombo Today Local News

දුමි­න්දගේ අභි­යා­ච­න­යට පෙර රන්ජන් සහ පද්මිණි සාකච්ඡා කරලා | ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න කොමි­ස­මට කියයි

මරණ දඬු­වම ලබා­දීමේ තීන්දු­වට එරෙ­හිව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ හොත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ හැකි ආකා­රය පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා සහ පද්මිණි රණ­වක හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය අතර සංවා­ද­යක් පවත්වා ඇති බව ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා දේශ­පා­ලන පළි­ගැ­නීම් විම­සන ජනා­ධි­පති කොමි­සම හමුවේ පෙරේදා (17) ප්‍රකාශ කළේය.

යහ­පා­ලන රජයේ ප්‍රධා­නීන්ගේ අව­ශ්‍ය­තා­වන් ඉටු වූයේ එව­කට රාජ්‍ය ඇමැති රන්ජන් රාම­නා­යක හරහා බවත්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහ­තාට එරෙ­හිව නඩු තීන්දුව ලබා ගැනීම සඳහා එවක මහා­ධි­ක­රණ විනි­සුරු පද්මිණි රණ­වක මහ­ත්මි­යට කුමන හෝ තන­තු­රක් දෙන බවට පොරොන්දු වී ඇති ආකා­ර­යක් හඬ­පට ශ්‍රව­ණය කිරී­මෙන් පැහැ­දිලි වන බවත් ජනා­ධි­පති නීතිඥ ප්‍රේම­රත්න මහතා කොමි­ස­මට සඳ­හන් කළේය.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා මේ කරුණු දැක්වූයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහ­තාට මරණ දඬු­වම නියම කිරීම දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් මත සිදු වූවක් බව පව­ස­මින් ඔහුගේ පියා වන ප්‍රේම­ලාල් සිල්වා මහතා විසින් කොමි­ස­මට ඉදි­රි­පත් කරන ලද පැමි­ණිල්ලේ සාක්ෂි විම­සීම් අත­ර­තු­රය.

ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යාගේ සාක්ෂි මෙහෙ­ය­වීම හමුවේ පැමි­ණි­ලි­කාර ප්‍රේම­ලාල් සිල්වා මහතා මෙලෙස කරුණු පැහැ­දිලි කළේය.

” 2011 ඔක්තෝ­බර් 8 වැනිදා පළාත් පාලන මැති­ව­රණ දින­යක්. මගේ පුතා දුමින්ද සිල්වා එව­කට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඔහු එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ කොළො­න්නාවේ ආසන සංවි­ධා­යක. ඒ ව­ගේම ඔහු ජාතික ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය මන්ත්‍රී­ව­රයා. ඒ නිසා ඔහුට ඇමැති ආර­ක්ෂක අංශ­යෙන් වගේම පොලිස් ආර­ක්ෂාව සහ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යන් සිටියා. මැති­ව­රණ දිනයේ පෙර­ව­රුවේ ඔහු නිවෙ­සින් පිටත් වෙලා ගියා කොළො­න්නාවේ නගර සභා ප්‍රදේ­ශයේ මැති­ව­රණ කට­යුතු නිරී­ක්ෂ­ණය කරන්න. ඒ නිරී­ක්ෂ­ණය සඳහා ඔහුට මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යාගේ අව­ස­රය හිමි­වෙලා තිබුණේ. පස්වරු 2. 30ට පමණ ඒ. එස්. පී. කෙනෙක් කළ දැනු­ම්දී­මක් මත පුතා පිටත් වෙලා යන අත­ර­තුර හිඹු­ටාන හන්දි­යේදී වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වුණා. මාගේ පුතාට තමයි මුලින්ම වෙඩි ප්‍රහා­රය එල්ල වෙලා තිබුණේ. ඔහුගේ නළ­ලට වෙඩි දෙකක් වැදිලා හිසට බැරෑ­රුම් තුවාල වෙලා බිම ඇඳ­වැ­ටී­මෙන් පසු ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහ­ලට ඇතු­ළත් කළා. සිද්ධි­යෙන් සති දෙකක කාල­යක් ඔහු සිහි­සුන්ව සිටියෙ. ඉන් පසු ඔහුව සිංග­ප්පූ­රුවේ රෝහ­ල­කට ඇතු­ළත් කර අවු­රුදු එක­හ­මා­රක් විතර ප්‍රති­කාර ලැබුවා.

Related posts

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

Admin

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday