Business

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

මේ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා විය.

එහිදී විනිමය සංචිතය ශක්තිමත්වීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද වාර්තා වී තිබුණි.

එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

හෙට (05) මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද නියමිතය.

Related posts

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

How the US tax code bypasses women entrepreneurs

colombotoday