Colombo Today Local News

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

ETF

අද අපි මේ අය වැය යෝජනාවක තවත් යටි අරමුණක් පැහැදිලි කර ගන්න ඔනේ. ඇයි මේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (EPF, ETF). මේ දෙක එකතු කරලා ආණුඩුව මොකක්ද මේ කරන්න හදන්නේ? මල්ක් සමරවික්‍රම ඇමතිතුමා කියපු විදිහට මේ ආණ්ඩු දැවැන්ත පුද්ගලිකරණයකට එළබෙන්න හදන්නේ. නව ලිබරල් වාදී සංකල්පය යටතේ සියළුම බැංකු රක්ෂණය ඇතුළු වනිජ අංශයේ රාජ්‍ය ආයතන ඉදිරියේදී මේ ආණ්ඩුව පෞද්ගලිකරනය කරන්න ලැස්තියි. නමුත් පොඩි පරහක් තියෙනවා මේ ආණුඩුව පත් කරගත් අයටවත් දැන් විශ්වාසයක් නැති වෙලා තියෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ 2015 වෙනුවෙන් තිබ්බ ආර්ථික වර්ධන වේගය ගැන කළ පුරෝකතනය 7% සිට  6% දක්වා අඩු කලා. රුපියල් බිලියන 32ක විතර පාඩුවක් ආර්ථික වර්ධනය 1% කින් අඩු වෙනවා කියන එක. පසුගිය වසර පුරාවට රුපියල 9% කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමානය වේලා තියෙනවා.  එන කිසා විදේශිකයන්ට ලංකාවේ ආයෝජනය කිරීම පලදායි නෑ. ලංකාවේ කොටස් වෙළදපෙලේ ඩොලර් 01ක් ආයෝජනය කරද්දි ඩොලර් 01ක්  රුපියල් 145යි. මේක ආයෝජනය කරලා අවුරුද්දකය පස්සේ  20%ක ලොකු ලාභයක් ලැබුණත් ඩොලර් 01ක් සදහා රුපියල් 165ක් ගෙවනවා නම් වැඩක් නෑ තමන් ආයෝජනය කල මුදලමයි තමන්ට ලැබෙන්නේ. රුපියල අව ප්‍රමානය වීමත් ආර්ථිකය අස්තාවර වීමත් නිසා විදේශ ආයෝජන රටට ගලා එම නැවතුනා මේ වසර ඇතුලත. මේ ආණ්ඩුව වසර පුරා අගය කරපු යුරෝපයෙන්වත් අයෝජන ඇවිත් නෑ. එ නිසා ආණ්ඩුව දැවැන්ත රජ්‍ය ආයතන පෞද්ගලිකරනය කරද්දී මේ ආයතන ගන්න ආයෝජන තියෙන්න ඔනේ. ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව රුපියල් ත්‍රිලියන ගණනින් ආයෝජනය කිරිමේ හැකියාවක නෑ. එකය හොයා ගත්ත උත්තරය තමයි EPF, ETF අරමුදල්. ත්‍රිලියනයක් ඉක්මවු අරමුදල් තියෙනවා EPF එකේ. මේ අරමුදල් දෙකේ ඇති මුදල් පචිච්චි කරමින් පෞද්ගලිකරනය කරන ආයතන වල කොටස් මිලදී ගනිමින් ආණ්ඩුවේ අරමුදල් හිගයට විසදුම් සොයා ගැනීමට තමයි මේ අරමුදල් දෙක ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ. දැනට කොටස් වෙළදපොළේ ආයොජනය කල හැක්කේ ETF අරමුදල් පමණයි. EPF ආයෝජනය කල හැක්කේ පොලි ආයොජන වල විතරයි නැතුව අවදානම් කොටස් වෙළදපොළේ නෙවෙයි.  පසුගිය අවුරුද්දේ අඩු ආදායම් තියෙන අඩු අවදානම් තියෙන එකේ ආයෝජනය කරපු EPF එක 12% ප්‍රතිලාභයක් සමාජිකයන්ට දෙද්දි, වැඩියෙන් ගන්න පුළුවන් කියලා ආයොජනය කරපු ETF එක ගෙනවේ 10%. හේතුව තමයි දේශපාලන බලපැම් නිසා ආයොජන තිරණ හරියට ගැනේනේ නෑ එක නිසා සේවකයාගේ අරමුදල් ඉතා බරපතල අවදානමක වැටිලා තියෙනවා. මේ ආණ්ඩුවේ මුදල් නැති කමට ජිවිතය පුරා කබුරමින් දුක්විදිමින් මේ රටේ කම්කරු ජනතාව ජිවිතය පුරා හම්බකරලා ඉතිරි කර ගත්තු සොච්චම පලි නෑ.  EPF, ETF අරමුදල් වලට අත තියලා දස දහස් ගණනින් පාරට බස්ස ගන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

මේ දවස් වල ඉතා භායානක දෙයක් සිද්ධ වෙනවා එක තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදීන් එළියට ඒ ත්‍රස්තවාදියා අල්ලගත්තු රණවිරුවා ඇතුලට. මේ ක්‍රියාවලිය නිසා පොලිසිය බයේ ඉන්නේ හොරුන් අත්අඩංගුවට ගන්න. ඊළග ආණ්ඩුව ආවම හොරු නිදහස් කරල පොලිස් නිලධාරින් ඇතුලට දමයි කියලා. මේ ආණ්ඩුව මේ ක්‍රියාව දිගටම කලොත් කෙසෙල් කැනක් කපපු හොරෙක්වත් අත්අඩංගුවට ගන්න කිසිම පොලිස් නිලධාරියෙක් ඉදිරිපත් නොවී රට ආරාජික වේවි කියන අවදානම අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

Related posts

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday