Colombo Today Local News

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කියා සිටියේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හකීම් හිටපු ඇමතිවරයා ඔහු බැලීමට යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

2017 වර්ෂයේ දිනයක සැකකාර රිල්වාන් යන අය රෝහල තුළදී හමුවීමට හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා ලැබී ඇති බවද පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බෝම්බයක් අත්හදා බැලීමට යාමේදී පිපිරීමකින් තුවාල ලබා කොළඹ පුද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි ම්පොලිසිය සඳහන් කර ඇත්තේ

Related posts

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

colombotoday

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

colombotoday

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

දිනකට පරීක්ෂණ 1300ක් කළ හැකි ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් ගුවන්තොටුපලට

colombotoday