World

පුද්ගලයින් 157 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටේ – අනතුර සිදුවෙද්දී රටවල් 33 ක මගීන් ඉඳලා..!

ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමග කඩා වැටී ඇති බව වාර්තා වනවා. මෙම ගුවන් යානය ගුවන් තොටුපළෙන් නික්මවී මිනිත්තු 06කට පසු කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තා නිකුත් වී නොමැති අතර අනතුරට පත්වූ ගුවන් යානය බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කොට මිට මාස 04කට පෙර ඉතියෝපියානු ගුවන් සමාගම වෙතට ලබාදී තිබෙනවා.

මේ අතර ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය සංවේගය පළකරන බවත් අනතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් ඇත්නම් ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට දියත් කර ඇති බවයි.

එසේම අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය තුල රටවල් 33 ක් නියෝජනය කරන මගීන් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉතියෝපියන් ගුවන් සේවයද මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයේ නිකුත් කර තිබෙනවා.

Related posts

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday