Colombo Today Local News

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

රංග නිරෝෂණ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 25 කි. අවිවාහකයෙකි. ඔහු දැනට වසර කිහිපයකට පෙර ගුවන් හමුදාවට බැඳුණි. එලෙස බැඳුණු ඔහු ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා ක‍්‍රියාකරුවෙකු වශයෙන් සේවය කළේය.

ගුවන් හමුදා සෙබළෙකු වුවත් රංග තරමක වෙනස් පුද්ගලයකු විය. ඔහු යම්කිසි ලිංගික අසහනයකින් පෙළුණි. දිනපතාම පාහේ ලිංගික වීඩියෝ පට, පින්තූර සහ කතා බැලීම සහ කියවීම ඔහුගේ පුරුද්දක් විය.

එයට අමතරව ඔහු ෆේස් බුක් පරිශීලකයෙකු විය. එයට ද තදින් ම ඔහු ඇබ්බැහි වී තිබුණි. ෆේස් බුක් හරහා විවිධ කාන්තාවන් දැන හඳුනාගෙන ඔවුන් සමග ලිංගිකත්වය ගැන කතා කිරීම ද මොහුගේ එක් පුරුද්දක් විය.

දිනක් රංග මෙලෙස සිතුවේය.

‘‘ලිංගික අසහනයෙන් සිටින කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලො තමන්ගේ ප‍්‍රශ්න එළිපිට කියන්නේ නැහැ. පෙන්නන්නෙ නැහැ. හැබැයි රහසිගතව කියන්න, පෙන්නන්න කැමතියි. ඒක නිසා ෆේස් බුක් එකේ සංගමයක් හදාගන්න ඕනා. එතකොට කිසිම අවුලක් නෑ. මට ඕන වර්ගයේ කාන්තාවන් සොයා ගන්නත් පුළුවන්.”

‘‘ෆෙස් බුක් එකේ හොඳ නමක් දාලා ගෲප් එකක් පටන් ගන්න ඕනා. වැඩිකල් නොගොස් අද හෙටම මේක කරන්න ඕනා. අමිලයි, රවිඳු මේකට සම්බන්ධ කර ගත්තනම් හරි. මොකද රවිඳු මේ ගැන හොඳට දන්නවා.”

එලෙස සිතූ රංග ‘‘බිරින්දෑවරුන් සහ ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සමූහය” නමින් ෆේස් බුක් සමූහයක් සෑදුවේය. එම නමින් එය සාදා තරුණියන් කීප දෙනෙකුගේ අඩ නිරුවත් පිංතූරද එයට එකතු කළේය. ‘‘බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සමූහය” සාදා සතියක් පමණ ගත විය. රංග නොසිතූ පිරිසක් එයට එකතු විය. එම එකතු වූ සමහරු කාන්තා නම්වලින් පෙනී සිටි පිරිමි පුද්ගලයන් විය.

එලෙස එකතු වූ පිරිස් තරුණ, තරුණියන්ගේ නිරුවත් පිංතූර මෙම ෆේස් බුක් සමූහයට දැමූහ. තවත් සමහරු ආකර්ෂණීය ආකාරයෙන් ගෙතූ අමුතු ලිංගික කතා සහ අත්දැකීම් දැමූහ. තවත් සමහරු බිරින්දෑවරු සහ ස්වාමි පුරුෂයන් හුවමාරු කරගෙන විඳි ලිංගික අත්දැකීම් ගැන විස්තර දැමුවෝය. එහෙත් රංගගේ අරමුණ වූයේ මෙහි බිරින්දෑවරු හා ස්වාමිපුරුෂයන් හුවමාරු කරගෙන ලිංගික අත්දැකීම් විඳීමේ සමාජයක් බිහි කිරීමයි.

මාස කීපයක් ගතවෙද්දී ෆේස් බුක් හරහා මෙම සමූහය ඉතා ජනප‍්‍රිය විය. මෙහි වැඩිපුර සිටියේ පිරිමි පුද්ගලයන්ය. එම පිරිමින් අතරින් බොහෝ පිරිසක් සිටියේ ලිංගික අසහනයෙන්ය. තම සිත් තුළ තිබූ එම ලිංගික අසහනය ඔවුහු මෙම ෆේස් බුක් සමූහයේ යම්තාක් දුරට සංසිඳුවා ගත්හ.

මෙම අසභ්‍ය ෆේස් බුක් සමූහයේ නිර්මාතෘ වන රංග ද නොයෙක් ආකාරයේ ලිංගිකත්වය උද්දීපනය කරන කතා එහි පළ කළේය. එවැනි කතා කියවීමට හුරු වූ බොහෝ පිරිසක් ද සිටියහ.

දිනක් රංග එක්තරා තරුණියකගේ අඩ නිරුවත් පිංතූර කීපයක් දමා කතාවක් නිර්මාණය කර එම ෆේස් බුක් සංසදයේ පළ කළේය. එම කතාව කෙටියෙන් මෙසේය. ‘‘මෙම පින්තූරවල ඉන්නේ අමාලි. එයා හරිම හුරතල්. මාත් එක්ක රාත‍්‍රි කිහිපයක් ඇය ඉඳලා තියෙනවා. එයාට තියෙන්නෙ අමුතුම ආශාවන්.”

‘‘දැන් මට එයාගෙ ආශ‍්‍රය ඇතිවෙලා තියෙන්නේ. මෙන්න කැමති අයට නියම අවස්ථාවක්. උත්සහ කරල බලන්න. මෙන්න විස්තර.”

අප ඒ සඳහන් කළේ ඔහු ෆේස් බුක් සංසදයට ලියා තිබූ ව්‍යාජ කතාවේ පරිච්ෙඡ්ද දෙකක් පමණි. ඔහු ඇය සමග ලිංගිකව එක් වූ අයුරු ඉතා දීර්ඝ ලෙස විස්තර කර තිබුණි. ඒ අන් අයගේ සිත් උද්දීපනය කරන අයුරින්ය. ඒ කිසිවක් අපට මෙහි ලිවීමට නොහැකිය. එය එතරම්ම අශීලාචාර සම්පන්නය.

එම ව්‍යාජ කතාව පළ කර සතියක් යන්නට මත්තෙන් එම කතාවේ පින්තූර වලට අදාළව දමා තිබූ තරුණියට එය දැක ගන්නට ලැබුණි.

එක්වරම එය දැකීමෙන් ඇය තුෂ්නිම්භූත වූවාය. තමන්ට මෙවැනි අපරාධයක් කර ඇත්තේ කවුරුන්ද යන්න ඇයට සිතා ගැනීමට නොහැකි වූවාය. තමන්ට සිදු වූ අවමානය ගැන ඇය දස අතේ කල්පනා කළාය.

අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ඒ නීතියේ පිහිට පැතීමටයි. ඒ අනුව ඇය අදාළ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වා ‘‘බිරින්දෑවරු හා සැමියන් හුවමාරු කර ගැනීමේ සංසදය” නිර්මාණය කළ ගුවන් හමුදා සෙබළා වන රංග අත්අඩංගුවට ගත්හ. ඒ මෙම ෆේස් බුක් ගිණුම සෑදීම සඳහා භාවිතා කළ ජංගම දුරකථනයක් ද සමඟින්ය. එම අවස්ථාවේදී ජංගම දුරකථනය තුළ තිබී තරුණියන්ගේ නිරුවත් සහ අඩ නිරුවත් පින්තූර රාශියක්ද සොයාගෙන තිබුණි. සැකකාර ගුවන් හමුදා සෙබළා මතුගම අධිකරණයට ඉදිරිපත් කළේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණ මතයි. එම කරුණු කාරණා සලකා බැලූ මතුගම අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

‘‘බිරින්දෑවරු හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංසදය” නමින් ෆේස් බුක් හරහා ලිංගිකත්වය උද්දීපනය වන අයුරින් සංසදයක් නිර්මාණය කළ ඔහුට අවසානයේ සිදුවූයේ එලෙස බන්ධනාගාර ගතවීමටයි.

දිවයින.

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday