Colombo Today Local Newsfeatured

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)  පිළිබඳව විරෝධය පළකිරීම

2020/01/10
මහත්මයාණෙනි, මැතිනියනි,

“භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.” යන ශීර්ෂයෙන් අප වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවත අසත්‍ය පුවතක් ලෙස ඔබ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අප වෙබ් අඩවිය වාර්තා කළ පුවත සාවද්‍ය පුවතක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා ඔබගේ ආයතනය විසින් දක්වා ඇති කරුණු පරස්පර බව අප වෙත නිරීක්ෂණය විය.

ඔබ ආයතනය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සිදුකල කරුණු විමසීම මෙලෙස සටහන් කර ඇත.

“කෙසේ වෙතත්, අපගේ PCR ධාරිතාව ඉහළ නැංවිය හැකිදැයි සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය  අමාත්‍යාංශය පසුගිය දා විමසා සිටියා. ඒ සඳහා තාවකාලික බහාලුම් විද්‍යාගාරයක් (container lab) පිහිටුවීම පිළිබඳව අප හා විශ්ව විද්‍යාල බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සමාගම් කිහිපයක නියෝජිතයින් ද ඔවුන් අප වෙත යොමු කර තිබෙනවා. අක්බාර් සමාගම ද ඉන් එක් ආයතනයක්.”

කෙසේ වෙතත් අක්බාර් සමාගමේ පැහැදිළි කිරීම තුල ඔවුන් සඳහන් කර ඇත්තේ,

“විද්‍යාගාරයක් ලබාදීමේ සාකච්ඡාව පැවැත්වූයේ අක්බාර් සමුහය යටතේ පවතින අක්බාර් ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගම (Akbar Pharmaceuticals (Pvt) Ltd) සමඟ වුවද මෑතකදී ඇතිවූ ඒකාබද්ධ වීමත් සමඟ (merger) එහි වැඩි කොටස් හිමිකාරිත්වයක් දැන් දරන්නේ සන්ෂයින් හෝල්ඩිනස් (Sunshine Holdings) සමාගම  බැවින්, අක්බාර් සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර සාකච්ඡාවක් බව පැවසීම නිවැරදි නොවන බව පැහැදිලි කර සිටියා.”

මෙම කරුණු අතර දැඩි පරස්පරතාවයක් පවතී.

මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය විසින් සිදුකල පැහැදිලි කිරීමේදී “අක්බාර් සමාගම ද ඉන් එක් ආයතනයක්.” ලෙස සඳහන්ව ඇති අතර ඔබ ආයතනය විසින් අක්බර් සමාගමෙන් සිදුකල විමසීමේදී “මෑතකදී ඇතිවූ ඒකාබද්ධ වීමත් සමඟ (merger) එහි වැඩි කොටස් හිමිකාරිත්වයක් දැන් දරන්නේ සන්ෂයින් හෝල්ඩිනස් (Sunshine Holdings) සමාගම  බැවින්, අක්බාර් සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර සාකච්ඡාවක් බව පැවසීම නිවැරදි නොවන බව පැහැදිලි කර සිටියා.” යනුවෙන් සඳහන් කර ඇත.

මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කරන්නේද “අක්බර් සමාගම” ලෙස නමුත් අක්බර් සමාගමෙන් ඔබ ආයතනය කල විමසීමේදී  වැඩි කොටස් පවතින්නේ “සන්ෂයින් හෝල්ඩිනස්” සමගම සතුව ලෙස අර්ථ කථනය කර ඇත.

අප පුවත් වාර්තා කිරීමේදී පොදු මහජනතාව හඳුන්වන නාමයන් බාවිතා කරන අතර ඔවුන්ගේ කොටස් ගැනුම්කරුවන් පිළිබඳව සොයා බැලීම මාධ්‍යතනයක් ලෙස දුෂ්කර කටයුත්තකි. මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියට අනුව අප සිදුකල වාර්තා කරණයේ අසත්‍යතාවයක් පැන නොනගී.

එමෙන්ම අප වාර්තා කර ඇති පුවතේ සඳහන් ආකාරයට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හෝ ඇයගේ කාර්යමණ්ඩලයට එවැනි විද්‍යාගාරයක් අක්බර් සමගම හෝ එම සමගම අනුබද්ධ වෙනත් සමාගමකින් නොලැබෙන බවට ඇය  සඳහන් කර නොමැත.

අප වාර්තා කල පුවත අක්බර් සමාගම ප්‍රතික්ෂේප කර ඇත්තේද නැත.

එවැනි වාතාවරණයක් තුල ඔබ ආයතනය අප වාර්තාකළ පුවත සාවද්‍ය පුවතක් ලෙස වර්ගීකරණය කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමු. factcrescendo ආයතනය සත්‍ය පුවත් ජනතාව අතරට ගෙනයාම අරමුණු කරගෙන සිදුකරන කාර්යභාරය පිළිබඳව අප තුල ඉතා හොද පැහැදීමක් තිබුනද ඔබ ආයතනය තුල සේවය කරන පුදගලයින් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකිමු.

අක්බර් සමාගම මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියට සහ ඇයගේ කාර්ය මණ්ඩලයට නවීන විද්‍යාගාරයක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදුන් බවට වන සාක්ෂි සාධක අප සතුව ඇත. එය ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව අප සඳහන් කර නැත. එය විශ්ව විද්‍යාලය යටතේ උවද විය හැකිය.

ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී අප වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නීතිය යටතේ මාධ්‍යවේදීන් ලෙස අප වෙත පනතක් මගින් නිදහස ලබා දී ඇත. එවැනි වාතාවරණයක් යටතේ හොරාගේ අම්මගෙන් පේන අසා අප වාර්තා කර පුවත අසත්‍ය පුවතක් ලෙස වාර්ගිකරණය කිරීම factcrescendo ආයතනයේ ස්වාධීනත්වය පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවට වන නිදර්ශනයකි.

ඔබ ආයතනය විසින් සිදුකර ඇති අත්වැරැද්ද වහා නිවැරදි කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
ප්‍රධාන කතෘ,
Colombo Today/

Related posts

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday