Colombo Today Local News

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

පසුගිය මාර්තු 17 වන දින අළුයම සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් මහමග ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක ගැටී දියවන්නා ඔයට පෙරළීමේ සිදුවීමට අදාල නඩුව අද කැදවූ අතර, එහිදී අදාළ රථයේ රියැදුරු වූ අමාත්‍ය කබීර් හෂීම්ගේ ඥාතියෙකු වන ෆාහිම් මොහොමඩ් හුසේන් නමැත්තාට රුපියල් හාරදහස් පන්සියයක දඩ මුදලක් නියම කිරීමෙන් අනතුරු නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම රථය ඔයට පෙරැළිමෙන් පසු මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කල සැකකාර පුද්ගලයා පලා ගොස් තිබිණි.

පසුව එම සැකකරු ඉකුත් මාර්තු මස 20 වන දින කඩුවෙල අධිකරණයට භාර වීමෙන් පසු ඉකුත් මාර්තු මස 27 වන දික්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට එදින පැවැති නඩු විභාගයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබිණි.

ඒ අනුව අද කැඳවු නඩුවේදී සියලු කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday

මචං උඹලගේ අන්තවාදී සෙට් එක මරාගෙන මැරෙන්නේ ගෑනු හින්දා – තාත්තට කියලා දීපං – BBC මාධ්‍යවේදී අසාම් අමීන්ට පේෂල කියයි

colombotoday

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin