Colombo Today Local Newsfeatured

චම්පික රණවක හොරෙන් හොරෙන් කොල්ලුපිටිය පල්ලියට. – කාදිනල් වීමට සිරිල් ගාමිණි පියතුමා කුමන්ත්‍රණයක. | විශේෂ හෙළිදරව්වක්

දින අටක් තිස්සේ දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න ප්‍රශ්න කරන ලද ලද ෂෙහාන් මාලක ගමගේ පරලෝ සැපත් මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයාගේ බොහොම හිතෛෂී ගෝලයෙක් බවත් ඒත් එක්කම ඔහු චම්පික රණවකගේ බොහොම ළඟ ගෝලයෙක් බවත් ඔහු චම්පික රණවක මන්ත්‍රීවරයා කොතොලික සභාවේ පුජකයන්ට පූට්ටු කිරීමේ කටයුත්ත සිදු කල බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

සිරිල් ගාමිණි පියතුමාට කාදිනල් වීමට සිදු කෙරෙන කුමන්ත්‍රණය

කතෝලිකයෙකු ලෙස මී ළඟ කාදිනල් වීම සඳහා සිහින දකින සිටින පියතුමන්ලා පිළිබඳව විස්තර ෂෙහාන් දන්නා බවත් සඳහන් කර සිටි ප්‍රදීප් සංජීව කොල්ලුපිටියේ පල්ලියක් වෙත චම්පික රණවකව කැඳවාගෙන ගොස් ජූලියන් නැමති පියතුමෙක් වෙත හඳුන්වා දීමට ෂෙහාන් කටයුතු කර ඇති බවත් බවත් ජූලියන් නැමති පියතුමා විසින් සිදුකල විනය විරෝධී කටයුත්තක් පිළිබඳව කාදිනල් තුමා විනය නියෝගයක් පැනවීම හේතුවෙන් ඔහු කාදිනල් තුමා සමග වෛරයකින් සිටින බවත් පැවසීය.

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය බාර මෙම ජූලියන් පියතුමා කාදිනල් තුමාට විරුද්ධව විශාල විරෝධතාවයක් ගොඩ නැගූ බවත් පසුව එයට සිරිල් ගාමිණි, රොහාන් සිල්වා යන පියතුමන්ලා එකතුකරගෙන කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය අතහැර තිබෙන බවට විශාල විරෝධතාවයක් නිර්මාණය කිරීමට කටයුතු කල බවත් කාදිනල් වරයා ආණ්ඩුව සමග හිතවත් නිසා පාස්කු ප්‍රහාරය යට ගහගෙන සිටින බැවින් කාදිනල් තුමා ඉවත් කල යුතු බවටත් මතයක් නිර්මාණය කල බවට පැවසු ප්‍රදීප් සංජීව ඒ සමගම කතෝලික සභාව ඇතුලේ තිබෙන බල අරගලය එලියට ආ බවත් අවධාරණය කරන ලදි.

2025 ජනාධිපති සිහිනයෙන් සිටින චම්පික රණවකත් කතෝලික සභාවේ ඊළඟ කාදිනල් වීමට බලාගෙන ඉන්න සිරිල් ගාමිණි පියතුමා එකතු වී කුමක්ද මේ කරන්න යන්නේ කියන ප්‍රශනය තිබෙන බවත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හරීන් සහ මනුෂ පාර්ලිමේන්තුවේ ප්‍රකශ නිකුත් කරමින් සිටින බවත් එම ප්‍රකාශ පිළිබඳව විමර්ශන කරන ලෙසට කිසිම අවස්ථාවක සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ නැති බවත් ප්‍රදීප් සංජීව සඳහන් කරන ලදි.

සිරිල් ගාමිණි පියතුමා චම්පික රණවකගේ ගුලිය ගිල ඇති බවත් ඔවුන් දෙදෙනා මේ වන විට අනාගත ජනාධිපති වීමේ සිහිනයත් අනාගත කාදිනල් වීමේ සිහිනයත් ඉෂ්ඨ කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරමින් සිටින බවත් ලිපිගොනුවක් රැගෙන කතෝලික සභාව හමුවට චම්පික රණවක ගොස් තමන්ගේ සිහිනය වෙනුවෙන් ක්‍රියා කරන බවත් පැවසු සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායකවරයා හොරෙන් හොරෙන් චම්පික රණවක කොල්ලුපිටිය පල්ලියට ගෙන්නාගෙන සාකච්ඡා කලේ දේව වාක්‍ය බෙදාගන්නදැයි ප්‍රශ්න කර සිටියා.

චම්පිකගේ දේශපාලන කුමන්ත්‍රණය

ජනාධිපති සහ කාදිනල් වීමේ චම්පික රණවකගේ දේශපාලන කුමන්ත්‍රණ හේතුවෙන් අනාගතයේදී බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවත් වහාම චම්පික රණවක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එක්කෝ දොන් නැත්නම් ජුවන්. දෙකක් බෑ සිරිල් ගාමිණි පියතුමා

ජිනීවා මානව හිමිකම් කොමිසමට සිදුකල එකම පැමිණිල්ල ඇතුලේ කාරණා දෙකක් තිබෙන බවත් හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනකොට ඔහුව නිදහස් කරන්න කියන බවත් අනෙක් අතින් පරීක්ෂණ කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බවත් ඊළඟ අවුරුද්දේ ජිනීවා ගිහින් අනේ අහිංසක රිෂාඩ් බදුදීන් නිදහස් කරන්න යැයි කතෝලික සභාව පැවසුවහොත් තමන් පුදුම වන්නේ නැති බව හෙතෙම පැවසීය.

Related posts

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇවිලේ

colombotoday

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday