Colombo Today Local Newsextremism & terrorism activities

වහබ්වාදය පතුරවන්න අරාබි ශේක් සෑදු ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය හදිස්සියේ දෙහිවලට කැඳවයි

දැනට අවුරුදු දොළහකට පමණ පෙර ලංකාවට පැමිණි ශේක් අල් සාමිල් නැමැති සවුදි අරාබියානු කෝටිපතියා මහනුවර මවුලවිවරුන් පිරිසක් හා සම්බන්ධ වී ලංකාවේ අරාබි විදුහල් සංසදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ගැන කරුණු පහදා දී ඔවුනට මුදල් අධාර ලබා දී ඇත.

පසුව මහනුවර ලයිම් පල්ලියේ අරාබි විදුහල්වලට සම්බන්ධ පුද්ගලයන් එක්රැස්වී සම්මන්ත්‍රණයක් ද පවත්වා ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය ස්ථාපිත කර ඇත.

සවුදි අරාබියානු ශේක් අල් සාමිල් ගේ අරමුණ වූයේ ලංකාව තුළ අරාබි විදුහල්වලින් වහබ් වාදී මතවාද පතුරා ලීමයි.

එදා සිට මෙම සංසදය රට තුළ වහාබි මතවාද පතුරුවන කාර්යයේ නිරතව සිටින බවත් එහි ප්‍රධානීන් වහබි වරුන් බවත් සම්ප්‍රධායික මුස්ලිම් මවුලවිවරයෙකු Colombo Today වෙත ප්‍රකාශ කර සටියේය.

ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය 2019 ජුනි 12වන අද දින දෙහිවල මුහියද්දීන් ජුම්මා පල්ලියේදී රැස්වීමක් කැඳවා ඇත. එම සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සමත්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රිස්වි මුෆ්ති ය. ඔහු විසින් මේ සඳහා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වෙන අතර මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ සොහොයුරා දැඩි වහබ්වදියෙක් බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

පල්ලිය තුළ තිබුණු මද්‍රසා ඉන් පිටතට ගෙන වහාබ්වාදය පෝෂණය කරන මත්තබ් පන්නයේ මද්‍රසා බවට පරිවර්තනය කලේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මීට ඉහතදී චෝදනා එල්ල කර ඇත.

රට තුළ මහත් ආන්දෝලනයකට පත්වී මුස්ලිම් ව්‍යාපාර වර්ජනය දක්වා දිග්ගැසුණු හලාල් සහතිකකරණය මෙරටට හඳුන්වා දුන්නේ ද සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයයි.

පාරම්පරිකව ලාංකේය සංස්කෘතිය තුළ ජීවත්වූ මුස්ලිම් සමාජය අරාබිකරණය කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවේ රිස්වි මුෆ්ති නායකත්වය දරන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය චෝදනා කර සිටී.

Related posts

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

බැදුම්කර කොමිසම නිසා ජනපතිට ජීවිත තර්ජණ !

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday