Colombo Today Local News

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

ආණ්‌ඩුවේ සහායෙන් ශ්‍රී ලංකාව යුද කඳවුරක්‌ කරගැනීමට ඇමරිකාව සැරසෙන බවත්, යම් ලෙසකින් උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව යුද්ධයකට පිවිසුණොත් එම යුද ගැටුමට ලංකාවත් මැදි වෙන බවත්, ඇමරිකානු න්‍යෂ්ටික නෞකා මෙරට තිබියදී න්‍යෂ්ටික ප්‍රහාර පවා අපට එල්ල විය හැකි බවත් ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා පැවසීය.

මේ වන විට ඇමරිකානු හත්වන නාවික බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානා සහ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඇමරිකානු යුද නෞකාවක්‌ ශ්‍රී ලංකාවට පැමිණ තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේ, බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් පුහුණු කරන මුවාවෙන් ඇමරිකානු සෙබළුන් රැසක්‌ සමඟ මෙම නෞකාව මෙරටට පැමිණ ඇති අතර අපට මුහුණදීමට යුද්ධයක්‌ හෝ ආක්‍රමණයක්‌ නොමැති අවස්‌ථාවක ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකා සෙබළුන් පුහුණු කරන්නේ කුමකටදැයි රජයෙන් ප්‍රශ්න කරන බව ද ඒ මහතා එහිදී සඳහන් කළේය.

” අපට මුහුණදීමට යුද්ධයක්‌ හෝ ආක්‍රමණයක්‌ නැහැ. එහෙත් ඇමරිකානු හමුදා ත්‍රිකුණාමලයට පැමිණ අපේ සෙබළුන් පුහුණු කරනවා. ඔවුන් මේ හදන්නේ සූක්‍ෂ්මව මේ රට ආක්‍රමණය කරන්නයි.

වසර හතළිහකට පසුවයි ප්‍රහාරක ගුවන් යානා සහිත න්‍යෂ්ටික තාක්‍ෂණයෙන් යුතු ඇමරිකානු යුද නැවක්‌ මේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ. ඒ සමඟ තවත් යුද නැව් හතරක්‌ පැමිණ තිබෙනවා.

අද ඇමරිකානු හමුදා ත්‍රිකුණාමලයට එනකොට ආණ්‌ඩුව හම්බන්තොට චීනයට දීලා. මේ වෙනකොට මුළු ලෝකෙම දන්නා කරුණක්‌ තමයි චීනයට විරුද්ධව යුද ප්‍රකාශ කිරීමේ අරමුණක ඇමරිකාව සිටින බව.

යම් ලෙසකින් උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව යුද්ධයකට පිවිසුණොත් එහිදී චීනයට ද පහර දීමේ ඉඩක්‌ තිබෙනවා. එදාට එහේ යුද ගැටුම් ඇවිළෙද්දී ලංකාවත් ඊට මැදි වෙනවා. ඇමරිකානු න්‍යෂ්ටික නෞකා මෙරට තිබියදී න්‍යෂ්ටික ප්‍රහාර පවා අපට එල්ල විය හැකියි. ”

ඒ ප්‍රහාරවලදී ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ අපේ ජනතාවට බව ද පැවසූ ඒ මහතා එවැන්නක්‌ සිදුවුවහොත් එයට වගකීමට ආණ්‌ඩුවට හැකිදැයි ප්‍රශ්න කළේය.

Related posts

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin