Colombo Today Local News

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

pakyasothi fonsekaඑක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පත්වීම සහ එම ධූරයේ කටයුතු කිරීම නීති විරෝධී බව පවසමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් අධ්‍යක්ෂ පාක්‍ය සෝති සරවණමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළේය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා,කතානායක,මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තු මහලේකම්,නීතිපති ඇතුළු අට දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ෆොන්සේකා මහතා මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු යෝජනා නාමාවලියේ නොසිටි සරත් ෆොන්සේකා පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 19 අ වගන්තීන් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

Related posts

ජනපතිට ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි-ජී.එල් පීරිස්

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

FCID වහන්නලු.. මෙහෙම ගියොත් අධිකරණයත් වහන්න කියයි – බුද්ධික පතිරණ

colombotoday

සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday