Colombo Today Local News

“චාවකච්චේරියේ බෝම්බ ගැන ආණ්ඩුව කියන කතාවලට අඬලත් බෑ හිනාවෙලත් බෑ” – උදය ගම්මන්පිල

gammanpila

චාවකච්ච්ෙරියෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීම, ජාතික ආරක්ෂාවට පෙර සූදානමක් මෙන්ම ඒ පිළිබඳ ජනතාවගේ ඇති කුකුස දුරුවීමටද හේතුවක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

එම පුපුරන ද්‍රව්‍ය හමුවීම පිළිබඳ ආණ්ඩුව කියන කතා ඇසූවිට අඬනවාද හිනාවෙනවාද යන්න සිතාගත නොහැකි බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (4) දින පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකටද එක්වෙමිනි.

එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.
චාවකච්ච්ෙරියේදී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ගැන මේ දිනවල වැඩිපුර කතා වෙනවා. එහි කරුණු තුනක් ගැන කතා කරන්න මම කැමැතියි. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය හමුවූ බව කිව්වම ආණ්ඩුව කියන කතා අහලා අඬනවද හිනාවෙනවද කියලා තීරණය කරගන්න බැරුවයි ඉන්නේ. මේ කියන කතා ඇහුවම හිනාවෙන්න හිතෙනවා. ඒත් මේ රට භාර ඇත්තන්ද මෙහෙම කියන්නේ කියලා හිතුනම පැත්තකට වෙලා අඬන්න හිතෙනවා.

චාවකච්ච්ෙරියේදී හමුවුණේ සී4 (ඛි4) කියන පුපුරන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් බාම් එකක් විදිහටයි තියෙන්නේ. ග්‍රීස් වගේ. මෙය ස්වභාවයෙන්ම වසර දෙකක් පමණයි කියාගන්න පුළුවන්. දැන් යුද්ධය ඉවර වෙලා වසර හතකට වැඩියි. හොඳ තත්ත්වයේ සී 4 ලැබුණානම් මේවා කොටි ත්‍රස්තවාදීන්ගේ කියලා කියන්නේ කොහොමද? අදාළ පුද්ගලයා මෙම පුපුරන ද්‍රව්‍ය නිවසේ සඟවාගෙන ඉන්නේ ඔහුගේ බිරිඳටත් නොදන්වායි. බිරිඳ හිතන්නේ ගංජා ජාවාරමක් කරමින් බඩු සඟවාගෙන ඉන්නවා කියලයි. මෙම පුපුරන ද්‍රව්‍ය සඟවාගෙන හිටියේ ඇයි?. යුද්දෙට කළින් පුපුරන ද්‍රව්‍ය නම් බැරිවෙලා කොහේහරි තියෙන්න පුළුවන්. ඒත් හිටපු ආරක්ෂක ‍ලේකම්තුමා ඉතා වගකීමෙන් කිව්වා මම සෑම නිවසක්ම පරීක්ෂා කරලා තියෙන්නේ කියලා. ඒ නිසා අලුතින් ගෙනාවේ නැත්නම් මේ නිවෙස්වල මේවා තියෙන්න විදිහක් නෑ. සැකකරුවන් මේවා මන්නාරමේ සිට චාවකච්ච්ෙරියට ගෙනාවා කියලා ඔහු මෙම පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයාගත යුතුයි.

ඒ වගේම ආණ්ඩුවෙන් ඉල්ලුවා මේ පුපුරන ද්‍රව්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු කරලා කොතරම් පරණදැයි දැනගන්න. එය මේ පිළිබඳ ඇති ජනතාවගේ කුකුස නැති කරන්න විතරක් නොවෙයි. ජාතික ආරක්ෂාවට අවශ්‍ය පෙර සූදානමටත් ඉතා වැදගත් බව සිහිපත් කරනවා.

අපි දන්නවා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, මෙම පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙන එන්න තිබුණු ඒවායැයි මතයක් ප්‍රකාශ කිරීමෙන් එතුමාට රහස් ‍පොලිසියට යාමට සිදුවුණා. ඒත් එතුමා ප්‍රකාශ කළේ අනාගතයේ සිදුවිය හැකි දෙයකුයි. ඒත් සිවාජිලිංගම් මන්ත්‍රීතුමා කිව්වේ එවැනි මතයක් නොවෙයි. අතීතයට අයත් තොරතුරක්. ඔහු කිව්වේ මෙම පුපුරන ද්‍රව්‍ය කොටි සංවිධානයට අයිති දෙයටක් නමෛයි. දකුණේ සංවිධානයක් විසින් ඝාතනයක් සඳහා ගෙනැත් තිබූ පුපුරන ද්‍රව්‍යයයි කියලා. එතකොට නිශ්චිත තොරතුර දන්නේ කව්ද? ජී.එල්. පීරිස් මන්ත්‍රීතුමාද? සිවාජිලිංගම් මන්ත්‍රීතුමාද? මතයක් ප්‍රකාශ කළ කෙනා පැය ගණනක් ප්‍රශ්න කරනවා. නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කළ කෙනාගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. එයට හේතුව මොකක්ද කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

Related posts

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

colombotoday

චීනයට ඉඩ නෑ, අලුත් ගිවිසුමකින් පොර්ට් සිටී අරඹන්න රජයේ අනුමැතිය.

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

colombotoday

එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

colombotoday

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

Admin