Colombo Today Local News

ඥාණසාර හිමිට උපරිම දඩුවම් දෙන්න.. එජාපයේ ඉහළම තැන් දෙකකින් බලපෑම් !

බොදු බල සේන මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උපරිම දඩුවම් ලබා දීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ඉහළම නිලයන් දරන ප්‍රබලයන් දෙදෙනෙකුගෙන් බලපෑම් එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාල ප්‍රබලයන් දෙදෙනා බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද ඉහළින්ම නම් සදහන් වූ, දැනට ඇමති ධුර දරන දෙදෙනෙක් බවද සදහන් වනවා.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සමග උසාවි භූමියේදී ඇතිවුණු බහින්බස් වීමක් ඥාණසාර හිමියන්ට එල්ලවුණු චෝදනාව වන අතර, එවැනි සුළු සිදුවීමකට බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කිරීම පිළිබදව නීතීඥවරුන්ද විමතිය පලකරන බව පැවසෙනවා.

කෙසේ වෙතත් අද ලබා දුන් තීන්දුවට එරෙහිව ඥාණසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබෙන අතර, එය එළඹෙන සදුදා හෝ අගහරුවාදා දින විභාගයට ගැනීමට නියමිත බවද සදහන් වනවා.

Related posts

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

සමාජ ජාලා අඩස්සිය තව දුරටත්…

colombotoday

ISIS නායකයා ඝාතනය කිරීම ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නෑ… මම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගයි !

colombotoday

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin

නටාෂාට ඇප දෙයි

Admin

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday