Colombo Today Local News

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සහ වීරවිල ගුවන් හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඩ්‍රෝන කැමරා වල සහයද යොදා ගැන තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ ගල්කොටුකන්ද ප්‍රදේශයේ දී සිදු කල මෙහෙයුමකදී ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් වටලා තිබෙනවා.

මෙම ගංජා හේන් තුනෙනි උස අඩි හතරත් හයත් උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් විසිදහසකට වඩා තිබී ඇති අතර ගංජා පැල තවන් වල ගංජා පැල අනූදහසකට වඩා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්පවසනවා.

එම ගංජා වල වටිනාකමක රුපියල් කෝටි දෙක ඉක්මවන බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සදහන් කරන අතර සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කළා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කළා.

http://tamil.colombotoday.com/?p=22501

Related posts

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday