කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයන මිල රුපියල් තුන්සියයකින් නැවත වැඩි කළ යුතු යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

මීට අදාල ඉල්ලීම පාරිභෝගික අධිකාරියට යොමුකර ඇතැයි ඒ මහතා කියා සිටි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළයෑම නිසා ගෑස් මිලද ඉහළ දැමීය යුතුය ඇතැයි ඒ මහතා කීය.

බොරතෙල් මිල ඉහළ යෑම ගෑස් කර්මාන්තයට දැඩි සේ බලපාන බැවින් ගෑස් මිල ඉහළ දැමීම අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.