Covid 19World

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

නව කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ජර්මානු පළාත් පාලන ආයතනවලට සහාය වීම සඳහා එරට හමුදා සොල්දාදුවන් 15,000 ක් කැඳවා තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එරට හමුදා ප්‍රධානියා කියා සිටියේ සෙබළුන් COVID-19 වෛරසයට එරෙහි සටනට සහාය වීම සඳහා “පියවරෙන් පියවර” කැඳවන බවයි. කොරොනා වෛරසයට එරෙහි මෙහෙයුම සඳහා කලාපීය විධාන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව ද ඔහු පැවසීය.

වෛද්‍ය සහ සැපයුම් අංශය සඳහා ජර්මානු හමුදාවේ සේවාව විශේෂයෙන් අවශ්‍යව පවතින බව හෙතෙම පැවසීය.

ජර්මනියේ සොල්දාදුවන් 180,000 ක් පමණ නිත්‍ය හමුදාවේ සිටියි. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ජර්මනිය වසා දමා ඇති මොහොතක වයිරස් රෝගීන් සිකුරාදා දින ද අඛණ්ඩව ඉහළ ගියේය.

රෝගීන් සංඛ්‍යාව 47,393 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 295 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බර්ලිනයේ පිහිටි “කොරොන වයිරස්-මොනිටර්” වෙබ් අඩවිය පවසයි.

එරට රජය මේ සතියේ වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා නීති දැඩි කරමින් ප්‍රසිද්ධියේ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා සමාජ සම්බන්ධතා පැවැත්වීම තහනම් කළේය. අත්‍යවශ්‍ය නොවන සියලුම වෙළඳසැල් වසා දැමීමට නියෝග කර ඇත.

යුරෝපයේ කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූ රටවල් අතර තුන්වන ස්ථානය හිමිවී ඇති නමුත් එහි මරණ සංඛ්‍යාව යුරෝපයේ වැඩියෙන්ම පීඩාවට පත් රටවල් දෙක වන ඉතාලිය සහ ස්පාඥ්ඥයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පවතී.

Related posts

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday