Colombo Today Local NewsTop Stories

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

පාස්කු ඉරිදා යක්ෂයාගේ හෝරාව පැමිණ අදට (28 වැනිදා) සතියකි. එක දෙවියකු අදහන කණ්ඩායමක් (ජාතික තව්හිද් ජමාත්) කිසිදා සැබෑ නොවන මිථ්‍යාවක එළැඹ කරන ම්ලේච්ඡු ඝාතන කිසිදු දෙවියකු අනුමත නොකරන්නේ වුවත් මිථ්‍යාව හැර අන් යමක් එම ම්ලේච්ඡුයන් නොදක්නා හෙයින් තවදුරටත් ඔවුන් එසේ නොකරතැයි සිතන්න නොහැකිය.

කෙසේ වෙතත් කතෝලික ජනතාවගේ සුවිශේෂී දිනයක් වන පාස්කු දිනය ලෙයින් තෙත් කළ ඒ ම්ලේච්ඡු අන්තවාදීන්ගේ අනතුර ගැන මෙරට බුද්ධි අංශ මෙන්ම විදෙස් බුද්ධි අංශ දැනුවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

ඒ පිළිබඳ බුද්ධි අංශ යොමු කළ රහස් වාර්තා ද මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද නිරන්තරයෙන් සැරිසරන්නේය. සැබැවින්ම ඇත්තද එයමය. ජනතා මුදලින් නඩත්තු වන රටේ දුර්වල පාලකයන් ඒ වාර්තා ගණනකට ගෙන නැත. එහෙයින් සිදු වූ විනාශය සුළු පටු නැතුවා සේම අහිමි වූ ජීවිත දේපළ ඉමහත්ය.

ජාතික තව්හිද් ජමාත් අන්තවාදීන් පිළිබඳව බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා හා එහි අන්තර්ගතය පිළිබඳව සමාජය තුළ ඉමහත් කතාබහක් මතුව ඇත්තේ එම අනාවරණයන් ජාතික ආරක්ෂාවට ඉමහත් වැදගත්කමක් ගෙන දෙන්නාක් බැවිනි.

මෙම අනතුර පිළිබඳව දෙස් විදෙස් බුද්ධි අංශ වාර්තා ලබා දීමට පෙර මෙම ඉස්ලාමීය මූලධර්මවාදීන්ගෙන් රටට එල්ල වී ඇති බිහිසුණු අනතුර හොඳින්ම දුටු සංවිධානයක් මෙරට කි‍්‍රයාත්මකව තිබිණි. ඔවුහු උගුර ලේ රහ වෙනකම් ඒ ගැන කතා කළහ. මාධ්‍ය හමු පැවැත්වීය. ජාතික සමුළු පැවැත්වූහ. නමුත් පාලකයන් ද, ඇතැම් මාධ්‍ය ද, ඇතැම් ජනතාව ද ඒ පිළිබඳ ගණනකට නොගත්තේ රටේ අවාසනාවකටය.

ඇතැම්හු ඊට ලෙහෙසියෙන්ම ජාතිවාදී ලේබලය මෙන්ම එන්. ජී. ඕ. ලේබලය ඇළවූයේය. තවත් සමහරෙක් එහි ශබ්දය වැඩි යැයි කීවේය. තවත් සමහරු හේතුවක් නොකියාම අවලාද අපහාස කළහ.

නමුත් වසර හයක් ඇවෑමෙන් එම සංවිධානය දිවා රෑ නොබලා පැවසූ සියල්ල ඇත්ත වී තිබීම එක අතකින් ජාතියේ අවාසනාවක්ය. රට පුරා පිළිලයක් මෙන් වැඩෙමින් තිබූ ඉස්ලාමීය අන්තවාදය ගැන මුල සිටම හෙළි කළේ වෙන කවුරුවත් නොව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප‍්‍රමුඛ බොදුබල සේනා සංවිධානයයි.

එම සංවිධානය ආරම්භ වන්නේ 2012 මැයි මස හත්වැනිදාය. එතැන් පටන් නොයෙකුත් උච්චාවචනයන් හැල හැප්පීම්, තාඩන පීඩන මැද ඔවුහු ජාතික යුතුකම ඉටු කළේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන්ගේ අතීතය හාර අවුස්සන විටදීය.

bodubala2

එම සංවිධානය මෙරට වගකිවයුතු සෑම අයෙකුටම පාහේ යොමු කළ ලිපි ලේඛන නොයෙක් අනාවරණයන් කළ මාධ්‍ය සාකච්ඡුා හා මාධ්‍ය නිවේදන ඇතුළු තවත් බොහෝ දේ එහිදී අපට හමුවන්නේය.

“මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රට තුළ කි‍්‍රයාත්මකයි. අල්කයිඩා, ජිහාඞ්, තව්හිද්, වැනි නොයෙක් මූලධර්මවාද, මතවාද ද ඇති අය මෙහි සිටිනවා. 12000 ක් ආයුධ පුහුණුව ලැබූ මුස්ලිම් මූලධර්මවාදීන් රට තුළ සිටිනවා. ඒවා අපට හෙළි කරන්න බැරිද? එය ජාතිවාදී ද, ආගම්වාදී ද, මූලධර්මවාදී ද ඒවා අපි පවසන එක වැරදිද?”

(පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මහරගම බොදු මහා සමුළුව 2013/02/13)

මහා ජන සහභාගිත්වයක් සහිතව පැවැති එම සමුළුවේදී උන්වහන්සේ කතෝලික ප‍්‍රජාව ඉලක්ක කර එල්ල කළ හැකි ප‍්‍රහාරය ගැන ද කීවේය.

‘‘කතෝලිකයනි, මේ අන්තවාදය එන්නේ අපේ පසුපසින් පමණක් නෙමෙයි. උඹලා පසුපසිනුත් මේ අන්තවාදය එනවාමයි. අපි බොදුබල සේනා හදා ගත්තා වගේ උඹලත් ‘කතෝලික බල සේනා’ කියලා හෝ සංවිධානයක් හදා ගනිල්ලා’’ යැයි උන්වහන්සේ කෑ මොර දුන්නේය.

උන්වහන්සේ ඒ ගැන සඳහන් කරන්නේ කෑ මොර දෙමින්ය. එහිදී අතපය විසි කරන්නේය. රට පාලනය කරන අයගේ බොහෝ දෙනකු මෙන්ම රටේ බොහෝ දෙනකු ද දැක්කේ් භික්ෂුවගේ ඒ කෑ මොර දීම සහ හැසිරීම පමණි. එය භික්ෂුවකට අකැප බව කීවා මිස සද්දය වැඩි යැයි කීවා මිස එහි හරය ගත්තේ් නැතිය. පාස්කු ඉරිදා මහා මර්දනයට පාර කපන්නේ ඥානසාර හිමි ප‍්‍රමුඛ බොදු බලයේ හරය තේරුම් නොගැනීම යැයි අමුතුවෙන් කිවයුතු නැත.

බොදු බලයේ හඬ මුස්ලිම් ප‍්‍රජාව මුළුමනින්ම ගත්තේ වැරදියටය. එහෙත් බොදු බලය සෑම විටම සඳහන් කළේ වසර සිය ගණනක් සිංහල ජාතිය සමඟ සහෝදරයන් සේ කටයුතු කරන සම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාවට ද මේ අන්තවාදය නිසා බැට කෑමට වෙන බවය.

‘‘අප රටේ සම්ප‍්‍රදායික හා ස්වදේශීය මුස්ලිම් සමාජය අතික‍්‍රමණය කරමින් ඉස්ලාමීය අන්තවාදය හිස ඔසවනවා. මෙය අපි දෙපිරිසටම නරක තත්ත්වයක් ගෙන දෙන්නක් වේවි. මේ කල්ලි කණ්ඩායම් නතර කළ යුතුමයි. එසේ නොවුණහොත් සිංහල හා මුස්ලිම් සමාජය භේදභින්න වේවි. ඊජිප්තුවේ, බංගලාදේශයේ, පාකිස්ථානයේ, ඉන්දියාවේ තහනම් කර ඇති මුස්ලිම් බ‍්‍රදර්හුඞ් (මුස්ලිම් සහෝදරත්වය) නමැති අන්තවාදී සංවිධානය අපේ රටේ කි‍්‍රයාත්මකයි. ව්‍යසනයක් වෙලා තේරුම් ගන්නවාට වඩා දැන්ම තේරුම් ගෙන මේ අන්තවාදීන් නැති කිරීමට පෙරමුණ ගත යුතුයි.’’

(පූජ්‍ය ඥානසාර හිමි, 2014 දෙසැම්බර් 28 ඇඹිලිපිටිය පොදු වෙළෙඳසැල කී‍්‍රඩාංගණයේ පැවැති සමුළුව)

වත්මන් ප‍්‍රහාරයේ මහ මොළකරු යැයි කියන සහාරාන් හාසීම් ඇතුළු කණ්ඩායම ගෞතම බුදුන් වහන්සේ මිනී මස් වැළª බව සහ ති‍්‍රවිධ රත්නය යනු මැණික් ගල් තුනක් යැයි කී ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් නායක අබ්දුල් රාසික්ගේ කණ්ඩායමෙන් බෙදී ගිය කොටස්කරුවන් බව හඳුනාගෙන ඇත. තව්හිද් ජමාත් යන්න තේරුම එක් දෙවියකු අදහන කණ්ඩායම යන්නය. එහෙයින් තවුහිද් ජමාත් නමේ මුල් කොටසක කිනම් එකක් වුව ද ඔවුහු අන්තවාදියෝ වෙති. සහාරාන් පිළිබඳ ඥානසාර හිමියන් පළමු වරට මාධ්‍ය හමුවේ අනාවරණය කරන්නේ 2014 වසරේදීය. එහිදි උන්වහන්සේ මාධ්‍යට අදහස් ප‍්‍රකාශ කිරීමේ පහසුව පිණිස සහාරාන් පිළිබඳ සිය අත් අකුරෙන්ම කෙටි සටහනක් ද රැගෙන ආහ. මෙම ලිපියේ ඉහළ පළවන ඡුායාරූපයේ ඇත්තේ එදා උන්වහන්සේ රැගෙන ආ සටහනය. එම අවස්ථාවේදී මෙම ලිියුම්කරු එම සටහන ඉල්ලා සුරක්‍ෂිතව තබාගත්තේය.

‘‘මෙරට ප‍්‍රබල මුස්ලිම් ඇමැතිවරු තමන්ගේ ජාතිවාදී දේශපාලනය පෝෂණය කර ගන්න තව්හිද් ජමාත් වැනි භයානක අන්තවාදී කල්ලි පෝෂණය කරමින් ඉන්නවා. නැගෙනහිර, මන්නාරමේ, කොළඹ ඇතුළු හැමතැනම ඔවුන් කි‍්‍රයාත්මකයි. ප‍්‍රභාකරන්ට කිරි පෙවූ චෙල්වනායගම් වැනි දමිළ නායකයෝ නිසා අපි වසර තිහක් දුක් වින්දා. මේ මුස්ලිම් නායකයෝ නිසා එවැනි දුකකට මුළු රටම පත් වීමට නියමිතයි. බුදු හාමුදුරුවෝ මිනී මස් කෑවා කියන තක්කඩි රැලක් එක්ක මේ ආණ්ඩුවට යහපාලනය හදන්න පුළුවන්ද? බම්බුව තමයි. වරෙල්ලාකෝ යහපාලන හදන්න බදියුදීන්ගේ, හකීම්ගේ ඇතුළු අන්තවාදී මුස්ලිම් දේශපාලකයින්ගේ ඒ දේශපාලනය රටින් තුරන් කරන්න ඕන.’’

 (බොදු බල සේනා මූලස්ථානයේ මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියෝ 2014 – දෙසැම්බර් 30)

‘‘අපේ ඊළඟ පරම්පරාවට මේ රට ඉතුරු කරන්න නම් මෙතනට අපෙත් ඉන්න හාමුදුරුවරු ඇතුළු බාල මහලූ, තරුණ හැම එහෙම අද ඉඳන් නිල නොවන පොලිස්කාරයෝ වෙන්න ඕන. තව්හිද් ජමාත් වැනි සන්නද්ධ කණ්ඩායම් රටේ හැමතැනම ඉන්නවා’’ යැයි ඥානසාර හිමියෝ එදා මහරගම සමුළුවේදී ප‍්‍රකාශ කළේ මෙම අනතුර වසර හයකට කලින් දැකයි.

ඔවුන් ගැන නිසි කි‍්‍රයාමාර්ග ගෙන නැතත් අයි එස් අයි එස් ත‍්‍රස්තයන් සමඟ කි‍්‍රයාත්මක වූ මෙරට කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව තමන් දැනගෙන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා පළමු වරට විදෙස් මාධ්‍යයකට කීවේය. නමුත් ඥානසාර හිමියන් 2017 පෙබරවාරි 17 වැනිදා ආගමන විගමන පාලක එම්. එම්. රණසිංහ මහතා හමුවේ සඳහන් කළේ රටේ තිබෙන දුර්වල ආගමන විගමන හේතුවෙන් මුස්ලිම් අන්තවාදය ප‍්‍රචලිත කරන ලෝකයට භය මුදා හරින විශාල පිරිසක් පසුගිය මාස තුන තුළ ලංකාවට පැමිණ ඇති බවයි.

එහිදී ‘‘ඉන්දියාවේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් වුණාට එහි ප‍්‍රධානියෙක් වන සාකීර් තායි කරන පීස් ටීවී ආයතනය තහනම් වුණාට ඒ කිසිවක් ලංකාවේ තහනම් නැහැ. ඔවුන්ගේ ආධාර අනුබල ලබන තව්හිද් ජමාත් කණ්ඩායම් අපරාධ කිරීමට මිනිසුන්ගේ ඔළු ගෙඩි නිර්මාණය කරනවා’’ යැයි ද උන්වහන්සේ කීහ.

 මේ ආකාරයට බොදු බල සේනා සංවිධානය මේ අනතුර ගැන හෙළි කළ කරුණු කාරණා විශාල සංඛ්‍යාවක් ගොනු කළ හැකිය. ඉස්ලාමීය සෞදි වහාබ් සලාෆී මතවාදය පතුරන භඨධ සංවිධානය ගැන මද්රසා පාසල්, ඉස්ලාම් බැංකු, ඉස්ලාම් විශ්වවිද්‍යාල, ඉස්ලාම් දේශකයන්, ශරියා පාසල් ගැන හෙළි කිරීම් අපමණය. දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි භඨධ ගැන ද බොදු බලය පොලිස්පතිවරයාට පවා ලිඛිතව දැනුම් දී තිබේ.

ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදී මධ්‍යස්ථානයක් නොකරණු මැයෙන් මුස්ලිම් අන්තවාදයේ සවිස්තරාත්මක කරුණු ඇතුළත් ලිපි පාලකයන්ට ආරක්ෂක අංශවලට බොදු බල සේනා සංවිධානය යොමු කළේය.

එසේම බුද්ධි අංශ අඩපණ කිරීම ගැන මහ හඬක් නැඟුවේය. එහි ප‍්‍රතිඵලය ඥානසාර හිමියෝ හය වසරක සිරදඬුවමකට යටත් වන්න සිදුවීමය. මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි එම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඥානසාර හිමි හිරේට දැමීම තුළින් යහපාලන පාලකයන් ඉස්ලාම් අන්තවාදයට රිසි සේ ඔවුන්ගේ කටයුතු කරගැනීමට ඉඩ ලබා දුන් බවය. එහෙයින් ත‍්‍රස්තයන්ට මෙම ඉලක්කය ගැනීම පහසු වූ බවද උන්වහන්සේ චෝදනා කළහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් එකින් එක සවිස්තරාත්මකව හෙළි කළ ඉස්ලාමීය ත‍්‍රස්තයෝ සිය ප‍්‍රහාරයන්හි පළමු ම්ලේච්ඡු ප‍්‍රහාරය සිදු කර අවසන්ය. නමුත් එම සංවිධානය අප රට තුළ තවමත් තහනම් කිරීමක් කර නොමැති අතර සමාජ මාධ්‍ය පමණක් වත්මන් රජය තහනම් කර ඇත්තේය. මේ සියලූ දේ වෙනුවෙන් කෑ මොර දුන් ඥානසාර හිමියන් තවමත් හිර අඩස්සියේය.

ලිපිය අවසන් කිරීමට මත්තෙන් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධානයක විතාරන්දෙණියේ නන්ද හිමියෝ අවසන් මාධ්‍ය හමුවේ කියූ දෙයක් සටහන් කිරීම මැනවැයි සිතේ.

 ‘‘මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඬ පැවැත්වීම මේ රජයට නොහැකි නම් එහි හරිම විස්තර ඇති කෙනා වැලිකඩ බන්ධනාගාරයේ ඉන්නවා. උන්වහන්සේගෙන් එහි විස්තර හරියට ලබා ගන්න පුළුවන්… ඥාණසාර හිමියෝ කිසිදු පැකිලීමකින් තොරව රට වෙනුවෙන් ඒ තොරතුරු ලබා දේවි.’’

සිරිමන්ත රත්නසේකර – Divaina

Related posts

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday

හක්මන වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රී මරුට…

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday