Colombo Today Local Newsfeatured

හිස් මිනිස්සු මැද්දෙ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් උත්සාහ කරනවා ඒක කරන්න. – ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි තෙවන දිනයටත් ඊයේ (7) සෙනසුරාදා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සිදු කෙරුනා.

එම අවස්ථාවේ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඥානසාර හිමියෝ දැක්වූ අදහස්…

ප්‍රශ්නය: මේ වන විට කතාවට බහට ලක් වෙනවා පාර්ලිමේන්තුවට හාමුදුරුවරු අවශ්‍ය නැහැයි කියලා?

පිළිතුර: මං දන්නෙ නෑ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? හාමුදුරුවරු කියන්නේ මිනිස් අයිතිවාසිකම් කොන්ඩෙ කපන කොටම නැති කරගත්තු ජාතියක්ද? මේ අදහස් පල කරන උදවියට කියන්න ඕනේ… අපි මහණ වෙනකොට අපේ කැපුවෙ කොණ්ඩෙ පමණක් වග. අපේ මිනිස් අයිතිවාසිකම් කපලා දාලා නෑ. ඒක නිසා කවුරුහරි කියනවා නම් භික්ෂූන් වහන්සේලා මේ දේශපාලන ධාරාවෙන් ඉවත් විය යුතුයි කියලා, ඒක විශාල වරද්දා ගැනීමක්. අපි දන්නවා අද තායිලන්තයට මොකද වෙලා තියෙන්නෙ කියලා.

මේ සියලු දේශපාලන බලවේග වලට උවමනයි, භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසික භික්ෂු දේශපාලන භුමිකාව අතුගා දමන්න. මම දැක්කා අපේ සමහර නායක හාමුදුරුවරු… අපි කණගාටු වෙනවා ඒ ගැන. මහා නායක හාමුදුරුවරු කියන්න ඕනේ නැහැ කාටවත් නීති පනවන්න කියලා, හාමුදුරුවරු මැතිවරණයට ඉදිරිපත් වීම ගැන. ඒක මහනායක හාමුදුරුවරු අතර සම්මුතියකින් කරගන්න ඕනි දෙයක්.  අපි ඡන්දෙට එනවද නැද්ද, එනවා නම් මොන විදිහටද කරන්න ඕන, ඒක අපි භික්ෂූන් වහන්සේලා විදිහට තීරණය කරන්න ඕනි දෙයක්. අපි මොකටද ගිහියන් ලවා නීති හදව ගන්නෙ? ඒ නිසා කිසිම කෙනෙකු කියන්න ඕනේ නෑ, භික්ෂූන්වහන්සේලා මැතිවරණයට එන්න ඕනද නැද්ද කියලා. ඒක වෙනම කතාවක්. ඉතින් මං හිතන්නේ ඒක වැරැදිම වැරැදි කතාවක් විදිහටයි.

ප්‍රශ්නය: ඔබ වහන්සේත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ආරංචියක් ලැබෙනවා.ඒකෙ සැබෑ තත්වයක් තියෙනවාද?

පිළිතුර: ඉල්ලීම් ගොඩක් තිබෙනවා. මට වඩා සුදුස්සෙක් ඉන්නවා ද මේ ඇතිවෙලා තියෙන, විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් සහ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය සම්බන්ධයෙන් කවුරුහරි කතා කරලා තියෙනවද මට වඩා හොඳින්…? මං තරම් බැට කාලා තියෙනවද කවුරුවත් මේවා කතා කරන්න ගිහිල්ලා? මේවා කතා කරන්න අපිට කොතනහරි තැනක් හදලා දීලා තියෙනවද?

ඒක නිසා මේ හිස් මිනිස්සු මැද්දෙ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා ඒක කරන්න. හැබැයි ඒක නිකං අයාලේ යන විදිහට නෙවෙයි. ටිකක් වැදගත් විදිහට. ඒ අවස්ථාව අපිට ලැබෙන්නෙ නැත්නම් නිහඬව පාඩුවේ කරන් යන වැඩ ටික කරන්න තමයි අපිට තියෙන්නෙ.

Related posts

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

නීතිපති දෙපාර්තමේන්තුවට ගල් ගහන එජාප ඇමතිලාට නීතීඥ සංගමයෙන් පිළිතුරු !

colombotoday

ප්‍රහාරය හෙළා දැකීමට පෙර “වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

colombotoday

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday