Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර ඇත්නම් වහා ලබා දෙනු – කෝට්ටේ සංඝ සභාව අධිකරණ ඇමැතිනීයට දන්වයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට ලිපියක් යවා තිබේ.

එම ලිපිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවක් බවත් උන්වහන්සේට අවවාද කළ බවද උන්වහන්සේ විසින් එම අවවාද ඉතා ගෞරවයෙන් පිළිගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ දැනට ස්ථාපිත නීතියට අනුව බෞද්ධ භික්ෂුවක් එම තත්වයෙන් පහකොට චීවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද හා උපසම්පදාව ලද උන්වහන්සේ අයත් සංඝ සභාවට වන අතර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද එවැනි බලයක් නොමැති බවත් අදාල නිකායේ මහානායක හිමියන්ගේ නියෝගය මත පමණක් එසේ කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට හැකියාවක් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේ වුවද චීවරය ඉවත් කිරීමට තරම් වූ පරාජික තත්ත්වයකට පත්වුවහොත් මිස කිසිවිටකත් උන්වහන්සේ දරුණු ලබන චීවරය ඉවත් කළ නොහැකි බවත් තවද චීවරය අත්හැරීම සඳහා ස්වකීය අභිමතය පරිදි ඇත්නම් ඒ පිළිබඳ විනයානුකූල පියවරක් ද චීවරය දරන්නාට ඇති බවත් ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සඳහා සිය සංඝ සභාව වෙත මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ඥානසාර හිමියන්ට ද තම චීවරය ඉවත් කර ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඥානසාර හිමියන් කරන ලද වරදට දඩුවමක් ලෙස අධිකරණය මගින් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොමැතව තිබියදීත් ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී උන්වහන්සේ අයත් සංඝ සභාවේ අවසරයකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උන්වහන්සේගේ අකමැත්තෙන් චීවරය ඉවත් කොට යම් කාලයක් සිරගතකොට තැබීමෙන් භික්ෂූත්වය රැක ගැනීම පිළිබඳ විනයානුකූල ගැටලු මතුවිය හැකි බවත් වහාම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙතින් ඉවත් කරන ලද චීවරය උන්වහන්සේ වෙත ලබාදෙන ලෙස දන්වන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව අවධාරණය කර තිබේ.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා පවසන්නේ සිරගත කොට සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා නොසිටින බවයි.

එහෙත් ඥානසාර හිමියන්ට සිදු කොට ඇති අසාධාරණය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් තේරුම් ගෙන ඒ අනුව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Related posts

“ජනපති මහින්ද දෙවියෙක්.. අද ජනපති කවුද අගමැති කවුද කියා අපි දන්නෑ“ රතුගල වැදි නායක

colombotoday

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

colombotoday