Colombo Today Local News

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

වඩාත් හොඳම කෙනා කව්ද? කියා තෝරා බලා තම සහාය ලබාදෙන බවත් පාට පක්‍ෂ ලාංඡන තෝරමින් නොසිට සිංහල ජාතිය වෙනුවෙන් නැඟී සිටින ලෙස අප ඉල්ලා සිටින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

‘දැයම එක රොදකට’ යනුවෙන් බොදුබල සේනාවේ තරුණ සමුළුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති අතර එහි ප‍්‍රධාන දේශනය කරමින් උන් වහන්සේ තවදුරටත් මෙසේද පැවසූහ.

වසර දහස් ගණනක් තිස්සේ අපගේ මාතෘ භූමිය රැකගත් උතුම් මිනිස් පුරපුර තවමත් සිටින බව දැනෙනවා. එහෙත් මෙම ශක්තිමත් පරපුරට නායකත්වය දීමට ශක්තිමත් නායකයෙක් වැඩිහිටි පරම්පරාවේ ජාතික නායකත්වයක් නොමැති වීම ගැන සංවේගයක් දැනෙනවා. ඒ අය පක්‍ෂ පාටවලට බෙදී නිද්‍රාශීලීව එකිනෙකා කුලල් කා ගනිමින් මහා දේශපාලන කඳවුරුවල වහළුන් ලෙස හැසිරෙන ආකාරය දකින විට දුකක් දැනෙනවා.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදුවීම තවමත් අප සමාජය වෙලාගෙන සිටිනවා. ඇමරිකාව, චීනය, ඉන්දියාව වගේ බලවත් රාජ්‍යයන් මේ රට තුළට රිංගලා මේ රටේ ස්වාධීනත්වයත් ආර්ථික සම්පත් ඩැහැගැනීම සඳහා මාන බලමින් සිටිනවා. අපේ අනාගතය අඳුරු තැනට පත් කිරීමට පිඹුරු පත් සකසනවා. මේ සියලූ අභියෝග හමුවේ අපගේ පාලකයන් ඇස් කන් නැති මිනිසුන් ලෙස පටු දේශපාලන මඩගොහොරුවේ කුලල් කා ගනිමින් තව තවත් මුළුමහත් ජාතියම අනතුරට පත් කරමින් සිටිනවා.

මේ තරුණ කොටස් ඉතාම සිහි බුද්ධියෙන් බලන්න. ඔබේ ගම, ඔබගේ මිතුරන්, අපේ පන්සල හා අපේ සමාජය දෙකට බෙදිලා. එකම දේශපාලන පක්‍ෂයක මිනිසුන් පුද්ගලයන් අනුව බෙදිලා. මේ බෙදීම තුළින් අපගේ ජාතියේ කොඳුනාරටිය කැඩිලා. එවැනි තත්ත්වයක් යටතේ ජාතියක් දුර්වල කරමින් සතුරු බලවේග උත්සන්න වීම මහා පුදුමයට කාරණයක් නොවේ. අපට ඇති වේදනාව මේ අයුරින් ශාසනය රට ජාතිය අඳුරු යුගයක ඇති අවස්ථාවක එකිනෙකාට ඇඟිලි දිගු කරමින් නායකයන් බලා සිටීමත් වේදනාවක්. අපේ රටේ 69% ක් බෞද්ධයන් ජීවත් වෙනවා. හැමදාමත් බණ ඇහෙනවා. ධර්ම දේශනා ධර්ම සාකච්ඡුා සංවාද රටේ හැම තැනම ගොඩනැෙඟන අතර අප ඒවාට සවන් දෙනවා. වසර දෙදහස් ගණනක් පුරා අපි හේතු ඵලවාදය අනුව හිතන්න පුරුදුවෙලා හිටියා. ඒ අනුව ජීවිතය හැඩ ගස්වා පමණක් නොව සමාජයීය ගැටලූ විසඳා ගැනීමට අපි යොදා ගත්තේ ඒ හේතුඵලවාදී ධර්මයයි. නමුත් අද රටක් හැටියට ජාතියක් හැටියට මේ මුහුණ දෙන ආර්ථික අධ්‍යාපනික සමාජයීය සියලූ ගැටලූ හමුවේ කි‍්‍රයා කිරීමට වැඩපිළිවෙළක්වත් නෑ. අපේ රට ඉහළින් ඔසවා තබන බව පවසන නායකයෝ නන්නත්තාර වෙලා දුර්මුක වෙලා සිටිනවා.

අපගේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා. එකම රටක් ජාතීන් විවිධ ආගම් අනුව නීති කි‍්‍රයාත්මක කරමින් සිංහල ජාතිය දුර්වල කිරීමට මං පෙත් විවර කරදී තිබෙනවා. ඉස්ලාම් අන්තවාදය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති හා අණ පනත් පිළිබඳ කල් මරමින් සිටිනවා. අද මුළු ජාතියම සැකයෙන් බියෙන් අවිශ්වාසයෙන් ජීවත් වන පරිසරයක් ගොඩනැඟිලා. කිසිම බියක් සැකයක් නැතිව දේශපාලන හස්තයක් වාර්ගික බෙදුම්වාදය ඊළාම්වාදය වෙනුවෙන් විවිධ මතවාද ප‍්‍රවර්ධනය කරමින් සිටිනවා. ඒවා නතර කිරීමට කිසිදු ආකාරයක විශ්වාසදායී වැඩපිළිවෙළක් පේන්නේ නෑ. ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලූවලට විසඳුම් ලබාදෙනු වෙනුවට අපගේ දේශපාලන නායකයන් උතුරේ දේශපාලකයන්ගේ ඒ ඉල්ලීම් ඉටුකරමින් වර්ගවාදය හා ආගමික අන්තවාදයන් ප‍්‍රවර්ධනය කරන්නට අවශ්‍ය කරන පරිසරය ගොඩනඟා දෙනවා. අපේ ජාතිය කොතරම් දීන වෙලාද කීවොත් මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ තම ජනාධිපති අපේක්‍ෂකයා පවා තෝරන්නේ සම්බන්ධන්ට ඕන විදියට, බදුර්දීන්ට, හකීම්ට අවශ්‍ය අයුරින් මිසක සිංහල ජාතියේ අවශ්‍යතාව ඉටු කිරීමට නොවේ. අපගේ පාලකයන් නායකයන් බලය සඳහා කෑ මොර දෙමින් කුලල් කමින් සිටින අතරතුර ඇමරිකානු අත පෙවීම් රට ඇතුළට රිංගලා. සෝෆා ගිවිසුම ඉතා භයානක තත්ත්වයක තිබෙනවා. හරියට අශ්ව රේස් එක වගේ කව්ද අපේක්‍ෂකයා කව්ද කියමින් කඳවුරුවලට බෙදී තව තවත් ජාතිය දුර්වල කරනවා. රටේ වටිනාකම් ඇති වරායවල් ගුවන් තොටවල් ගිල ගැනීමට ඉන්දියාව මේ රටට බලපෑම් එල්ල කරමින් සිටිනවා. අනෙක් පැත්තෙන් චීන ණය උගුල නිසා මේ රට චීන කොළණියක් බවට පත්වෙලා.

දිගු කලක් තිස්සේ අපේ අතීත උරුමයක අභිමානය කියා පෑවත් දැන් මැදපෙරදිග පමණක් පහළොස් ලක්‍ෂයක් අපේ ජනතාව වහල් සේවයේ සිටිනවා. සංවර්ධනය අඩපණ කොට අරාබි තෙල්වලින් යැපෙන බලශක්ති ආර්ථිකයක් නිර්මාණය කර අපි අරාබින්ගේ ගොදුරක් බවට පත්වෙලා. සහරාන්ලා කුරුමානම් අල්ලද්දී ඇත්ත කතා කරන්න පාලකයෝ බයවෙලා. උන්මත්තක ආගමිකවාදී කල්ලි සිංහල සමාජයට සරදම් කරන විට සිංහලයා සමච්චලයට ලක් කරනවා. අවුරුදු 70 ගණනක් මේ රට පාලනය කළ දේශපාලනඥයන් අපිව වහලූන් බවට පත් කළා.

අපේ රටේ ග‍්‍රාමීය ගොවි ජනතාව දිළින්දන් බවට පත් කරලා දිගින් දිගටම බටහිරින් ආනයනය කරන කෘෂි ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් වෙනුවට අනුන්ගෙන් ඉල්ලාගෙන කන පුලන්නන් බවට පත්ව ඉතාමත් දරුණු යැපුම් ආර්ථිකයට මේ රට අවුරුදු 71 ක් තිස්සේ ලක් කරලා. ඉන් ගොඩ ඒමට නොහැකිව නොයෙක් සංවාද ගොඩනඟනවා. කටින් බතල හිටවන ආර්ථික න්‍යායක් අපි කන් පුරෝගෙන අහගෙන බලාගෙන සිටිනවා. ඩොලර් බිලියන ගණන් විදේශයන්ට ණය වෙවී මෙහි වගා කළ හැකි ආහාර වර්ග පවා ආනයනය කරන ආර්ථිකයක් මේ රට බලහත්කාරයෙන් ආක‍්‍රමණය කරලා. අවසානයේදී එහි ප‍්‍රතිඵලය හැටියට ග‍්‍රාමීය ආර්ථිකය බිඳ වැටිලා ඒ ආර්ථිකයට ශක්තියක් විය හැකි තරුණ කොටස් වෙනත් සිල්ලර රැුකියා සඳහා යොමු කරලා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළින් පසු හෝ සමහර විට උපාධියක් ගත් අය පවා ඉතාම ළඟම හීනය වී ඇත්තේ තී‍්‍රවිල් රථයක හිමි කාරයෙක් වීමයි.

එක පසකින් ජනපි‍්‍රය පාසල් සංස්කෘතියක්. තව පැත්තකින් ජාත්‍යන්තර පාසල් හරහා අනාගත පරපුර අභියෝගයට ලක්කර හමාරයි. සිංහල භාෂාව ඉගෙන ගන්නා ග‍්‍රාමීය ජනතාවගේ දරුවන්ට අනාගත ආර්ථිකයේ ඇති ඉඩ ප‍්‍රස්ථා ඉතාම ශීඝ‍්‍රයෙන් අහුරා තිබෙනවා. මොබයිල් ෆෝන් එකක ස්කී‍්‍රන් එක දෙස බලා සිටින යැපුම් අනාගත පරපුරක් දැන් නිර්මාණය කර තිබෙනවා.

මේ ක‍්‍රමය ජාතියක් හැටියට අපි වෙනස් කළ යුතුයි. සිංහලයාට රටක් තිබුණා. ඒ සිංහලයාට තිබූ රට අවුරුදු 2500 කට පෙරත් තිබුණා. ඒ රට තිබුණේ ඉස්ලාම් ආගම බිහිවෙන්නත් කලින්. ඒ වාගේම කි‍්‍රස්තියානි කතෝලික ආගම් බිහිවීමටත් පෙරයි. වසර 2500 ක් එක දිගට බුදුදහම ආරක්‍ෂා කරගෙන ආවේ අපේ සිංහලයායි. ඒ සිංහලයන්ගේ රටේ ඉදිරි වර්ෂ 2500 ක් බුදුදහම රැුක ගැනීමට අවශ්‍ය නම් සිංහලයා රැුකිය යුතුයි. එසේනම් සිංහලයාට රටක් තිබිය යුතුයි. අද අපට ඒ රට නැති කිරීමට තරගෙට බලමුළු ගැන්විලා හමාරයි. මුලින්ම සිංහල නම් වූ අපේ රට නිදහසින් පසු මුලින්ම අපේ රටේ නම වෙනස් කළා. 1815 සුද්දා භාරගත් රට නෙමේ 1948 ලැබුණේ. සිංහල රාජ්‍යය බි‍්‍රතාන්‍යයට යටත්වූ වග එවකට තිබුණා 1948 සිංහලේ නැතිවෙලා ශී‍්‍ර ලංකාව කියා බහුභූතයක් ආවා. මුලින්ම අපේ රටේ නම වෙනස් කළා. අද වෙන විට අසිංහල නගර ගම් පාරවල් මංමාවත් අපෙන් අපේකම උදුරාගෙන ඒ අසිංහල ක‍්‍රමය තුළ අපගේ ආහාර පද්ධතිය පවා අසිංහල වෙලා.

බොදුබල සේනාව අද අධිෂ්ඨාන කර ගන්නේ මොනම හේතුවක් නිසාවත් මින් ඉදිරියට ගමක් හෝ මං මාවතක් අසිංහල නමකින් භාවිතා කිරීමට නොදෙන බවටයි. මේ දිනවල අපහට ඇසෙන වචන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථාව, ඡුන්ද ක‍්‍රමය ආදී මේ සියල්ල අසිංහල ව්‍යුහයක් විසින් ඉතාම සූක්‍ෂම අයුරින් රට තුළ ගොඩනඟා ජාතියම කොටවමින් විනාශයට ගෙන යමින් සිටිනවා. වසර 71 ක් පැවති මේ ඡුන්ද තුළින් අප අත් විඳින්නේ ඒ කටුක යථාර්ථයයි. මේ බෙදීම නතර කළ යුතුයි. සිංහලයා සමග මේ කථිකාවත

ගොඩනැඟිය යුතුයි. මේ වන විට ජානධිපතිවරණයක් එනවා. මෙහිදී අපට වටින්නේ ජනාධිපතිවරණය හෝ අපේක්‍ෂකයා නොවේ. අපිට වැදගත් අපේ රටයි. රට හදන්න ආණ්ඩුවක්. අපිට ඕන සිංහල තනි ආණ්ඩුවක්. ඒ සිංහල තනි ආණ්ඩුව හදන්න ජාතිය බෙදී බැහැ. මේ වතාවේ නම් දෙන්නම් කාසිවලට මුලාවෙලා ඒ පස්සේ අපි යන්නේ නෑ. මේ දිනවල මේ අයට හරිනම් ගහන්න ඕන ඉලපතෙනුයි. මෙයාලට දැන් රටට වඩා ලාංඡුනය ලොකුවෙලා. මෙතෙක් 71 අවුරුද්දක් රාජ්‍ය පාලනය කළ නායකයන්ට එයාලගෙ දරු මුණුබුරු අනුගාමිකයන්ට කියන්නේ පක්‍ෂ ලාංඡුන අත්හැර ජාතිය වෙනුවෙන් ගොඩනැඟපල්ලා.

එදා අපි මහනුවරදී ආණ්ඩුවේ ඉන්නා කිහිප දෙනකු ඉවත් වෙන්න කියා උපවාස කළා. එහිදී මන්තී‍්‍රවරු 22 ක් තමන්ගේ තනතුරු අත්හැර දමා ගියා. චෝදනා නොලබපු උන්ටත් පුළුවන් වුණා උන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න. මොකද්ද අපේ උන්ට ජාතිය නඟා සිටුවන්න ඇති නොහැකියාව. අපි මේ කියන හැම කෙනාටමයි නායකයන් මේ රට උඹලගෙ අම්මගෙ අප්පගෙ බූදලය නොවේ. ඕන ඕනෑ හැටියට හසුරුවන්න එන්න එපා.

ආදරණීය සිංහලූනි මේ තමයි අවස්ථාව. අපි ප‍්‍රවේනි දාසයන් වගේ කවුරු හරි පවුලක් බලයට ගේන්න හෝ තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට බලය දෙන්න යන්නේ නෑ. එය නැවැත්විය යුතුයි. දක්‍ෂතාවට ප‍්‍රමුඛතාවය දෙන පරපුරක් තනා ගැනීමට පෙරමුණ දෙනු විනා එක එකාට කඬේ යන්න බොදුබල සේනාව සූදානම් නෑ. අපි ඉදිරියේදී වඩාත්ම හොඳ අපේක්‍ෂකයා කව්ද කියා බලා ඔවුන්ට කියනවා අත්හැරපන් ලාංඡුණය, අත්හැරපන් පක්‍ෂය කියලා. ජාතික අභිලාෂයන් ඉෂ්ඨ කරන ජාතික නායකයෙක් මිසක එක එක පක්‍ෂවල ලාංඡුනවල හිරකාරයෙක් නොවුණහොත් අපි එතුමා ඔසවා තබනවා. 21 පාස්කු ප‍්‍රහාරයෙන් පසු අලූත් නීති ගෙනාවා. අලූත් අන පණත් ගැන සාකච්ඡුා කළා. මුස්ලිම් කාන්තාවනගේ මුුහුණ අරිනවාද වහනවාද? නියෝගයක් ආවා. ඒත් කි‍්‍රයාත්මක නෑ. මුස්ලිම් විවාහයට වයස් නීතිය සම්මත කර ගත්තා. අපි කියනවා රනිල් වික‍්‍රමසිංහට තමුන්නාන්සේගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට මේවා ගෙනත් සම්මත කරන්න. තව කල් ඕන නෑ කියලා. මේ 225 ම ආණ්ඩුවේ ඉන්නවා. ඇයි සම්මතයට

නොගන්නේ. මේ පනත වහාම පාර්ලිමේන්තුවට ගේන්න. අපි බලන් ඉන්නවා කව්ද? අත් උස්සන්නේ, කවුද අත උස්සන්නේ නැත්තේ කියා. මේ පනත සම්මත කරන්න අත් උස්සන පැත්ත කුමක්ද? අපි ඒ අයට සහාය දීමට දෙවතාවක් හිතන්නේ නෑ. මැතිවරණයට කලින් නුඹලාගේ සුජාතභාවය පෙන්වාපල්ලා. එනිසා අපි බොරු පොරොන්දුවලට රැවටෙන්නේ නෑ.

Related posts

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

colombotoday