Colombo Today Local NewsHot News

ඥානසාර හිමි සිදුකලේ මේ රටේ භික්ෂුවට උරුම වූ කාර්යයක්. – අස්ගිරි අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිර දඬුවමක් නියම වීම පිළිබඳව අතිශයින් කණගාටු වෙන බවත් උන්වහන්සේ මේ රටේ ඒකීය භාවය සුරැකීම, අනෙක් අතින් උන් වහන්සේට උරුමවූ මේ රටේ භික්ෂුන් වහන්සේලා විසින් සිදුකල යුතු කාර්යභාරයක් තමයි ශක්තිමත්ව කරගෙන ගියේ. යම් අවස්ථාවල උද්ගේකර බවක් පෙනුන නමුත් එය උන්වහන්සේගේ සහජ ස්වරුපයක් විය හැකි බවට විශ්වාසය කරන බව අස්ගිරි අනුනායක, ඇත්කඳ රාජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ සඳහන් කර සිටිනවා.
අද බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් උන්වහන්සේ බැහැ දැකීම සඳහා මහ නුවරට පැමිණි අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ,

“උන්වහන්සේට අදිකරණයෙන් ලබා දුන් දඬුවම පිළිබඳව කතා නොකර නමුත් උන්වහන්සේට දුන් දඬුවම ලිහිල් කරනවානම් ජනාධිපතිවරයා ඇගයීමකට ලක් කරන බවත් උන් වහන්සේගේ චීවරය ඉවත් කරන්නේනම් ඒ පිළිබඳව නිකාය මුලස්ථානවලින් හෝ අදාළ පාර්ශවයේ මහනායක හිමිවරුන්ගෙන් අවසරයක් ගත්තනම් හොඳ බව මෙහිදී අදහස් දැක්වූ අනු නායක හිමි අවධාරණය කර සිටියා.”

Related posts

පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම්

Admin

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

මව්බිමට එරෙහිව ක්‍රිස්තියානි එවැන්ජලික සන්ධානය ඇමරිකාවට බොරු කේලාම් කියයි.

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහරී

colombotoday

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday