Colombo Today Local News

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය ගැන කතාකරන්න ගිය හකීම්ට මහින්දගෙන් සැර පිළිතුරක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි.

මෙම සර්ව පාක්ෂික සමුළුවට පෙර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අගමැතිවරයා හමුවී තිබේ.

එලෙස ඔවුන් අගමැතිවරයා හමුවී ඇත්තේ කොරෝනා වෛරසයෙන් ආසාදනය වී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් සර්ව පාක්ෂික හමුවේදී ද සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බැවින් එහිදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.

කෙසේ වෙතත්, සර්ව පාක්ෂික හමුව කැඳවූ අවස්ථාවේදී ඒ පිිළිබඳව අදහස් දැක්වීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්න ද එහිදී ඔවුන් ඒ පිළිබඳව කරුණු දැක්වීමට මැලි වී ඇතැයි වාර්තා වේ.

දේහ පිලිබඳව අවසන් කටයුතු සිදුකරන ආකාරය තම ආගමට පටහැනි බව රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එම අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මෙම අවස්ථාවේදී රටේ හටගෙන ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සලකා බලා සෞඛ්‍ය අංශ ගන්නා ලද තීන්දුවලට අවස්ථාව ලබා දිය යුතු බවයි.

කොරෝනා ආසාදනයෙන් මියගිය පළමු පුද්ගලයාගේ දේහය අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතීන් ඊට අදාළ ආගමික වතාවත් ඉටු කළ යුතු බවට ඉල්ලීමක් කළත් එය ඉටු නොකළ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.

එහිදී රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා මේ පිළිබඳව සලකා බැලීමට කමිටුවක් පත් කළ යුතු බවට ද ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ රටේ හටගෙන ඇති වත්මත් තත්ත්වය සලකා බලා මුල් තැන ලබා දිය යුතු වන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් වලට මිස වෙනත් දේශපාලනික කරුණු සම්බන්ධයෙන් නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු තවත් පක්ෂ නායකයින් රැසක් එම සර්ව පාක්ෂික හමුවට එක්ව සිටියහ.

මෙම පුවත News i වෙබ් අඩවියේ පළවූ පුවතක් වන අතර ඒ පිළිබඳව විමසීම සඳහා උදය ගම්මන්පිල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කල ද ඔහු දුරකථන ඇමතම හා සම්බන්ද වුවේ නැත.

Related posts

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday