Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති අවදානම් එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ.

මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් කරණු පැහැදිළි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, “ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කරලා නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ. පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන තමයි ගෙන්වන්න ඕනේ.” යනුවෙනි.

Related posts

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday