Colombo Today Local Newsextremism & terrorism activities

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන්නා. එම පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා යි. මුස්ලිම් දරුවන් දෙදෙනෙක් අධිකරණයේදී හෙළිකරයි

මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම දරුවන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගනු ලැබුවා.

මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත. මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.

පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන් යන අයගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන අනාවරණයවී ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.

මෙම පුවත නෙත් FM වෙබ් අඩවියේ පළ වූවකි.

Related posts

කිලිනොච්චියේ පිපිරීමක් කාන්තාවකට බරපතල තුවාල

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday

කුඩා දරුවන් අපයෝජනය කල ටියුෂන් ගුරාගේ අල්මාරියක දරුවන්ගේ යට ඇදුම් තොගයක්.. තවත් අසභ්‍ය වීඩියෝ තැටි 130ක්

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday